නවදිල්ලියේ නෝර්වේ තානාපතිනිය අනුර කුමාර හමුවෙයි – Saru News Media නවතම පුවත්

0
11

නවදිල්ලියේ නෝර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුණා.

නවදිල්ලියේ නෝර්වේ තානාපති මේ එලීන් ස්ටෙනර් සමග පැවති සාකච්ඡාවට නෝර්වේජීයානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ජෝන් ජර්කම් මහතා ද එක්ව සිටියා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්ම මහත්මින් ද ඊට එක්ව සිටියා.

ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය සහ රට තුළ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඊට අමතරව මෙම වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරන්නේ.

දෙරට අතර සබදතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම නෝර්වේ රාජ්‍යය ලංකාවට ලබාදෙන ආධාර පිළිබදව ද සාකච්ඡා කර තිබෙනවා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here