Google search engine
Home ගොසිප් පුවත් රුපියල් කෝටි 15 ක මත්කුඩු ජපුර සරසවිය අසළින් සොයාගනී – යුවළක් අත්අඩංගුවට

රුපියල් කෝටි 15 ක මත්කුඩු ජපුර සරසවිය අසළින් සොයාගනී – යුවළක් අත්අඩංගුවට

0
17

Drugs-worth-Rs-15-crore-found-near-Japura-University---Couple-arrested

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැත්තාට අයත් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මහරගම විජේරාම ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ජයවර්ධනපුර සරසවිය අසළ සැකකටයුතු වාහනයක් පරීක්ෂා කිරීමේදී ආසන්න කඩ කාමරයක තිබී මත්කුඩු හමුව ඇති අතර සැකකරු ප්‍රශ්න කිරීමේදී

රුක්මල්ගම පිහිටි ඔහුගේ නිවසේ තිබී තවත් මත්ද්‍රව්‍ය හමුව ඇත. සැකකරුගේ බිරියද සිද්ධියට සම්බන්ධ බව සැක කරන අතර අඹුසැමි යුවළ අත්අඩංගුවට පත්ව ඇත.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අසල සිදුකළ වැටලීමක දී සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝග්‍රෑම් 6ක්, කොකේන් ග්‍රෑම් 500ක් සහ රුපියල් මිලියන 1.5ක මුදල් ද වන බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

එම මත්ද්‍රව්‍යවල වටිනාකම කෝටි පහළොවක් පමණ වන බව සඳහන්ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here