16 වැනි Toyota Lanka වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී හවුල්කරුවන් ඇගයීමට ලක්කෙරේ – Saru News Media | Sri Lanka Business News

0
22

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota Lanka (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පවත්වන ලදී. එහිදී අලෙවි නියෝජිතයන් 500 දෙනෙකු වෙනුවෙන් ගෞරව ප්‍රණාම පිරිනැමිණි.Toyota Genuine Motor Oil, Toyota Genuine අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani Tyres මෙරට තුළ බෙදාහැරීමේදී ප්‍රමිතිගත සේවාවක් සහතික කිරීම වෙනුවෙන් එම අලෙවි නියෝජිතයන් විසින් දක්වන ලද මෙහෙවර ඇගයීම සඳහා මෙම සමුළුව කදිම වේදිකාවක් විය.

මෙහිදී විවිධ කාණ්ඩ යටතේ සුදුසුකම් සපුරන ලද ජයග්‍රාහකයන් වෙත සම්මාන ප්‍රදානය කළ අතර බලයලත් අලෙවි නියෝජිත කාණ්ඩයේ  ජයග්‍රහණය Auto World (Pvt) Ltd විසින් දිනා ගන්නා ලදී. විශිෂ්ටතම බලයලත් අමතර කොටස් අලෙවි නියෝජිතයාට හිමි සම්මානය  Viskam Motors Service Center (Pvt ) Ltd වෙත හිමි වූ  අතර හොඳම සේවා දාමය  ලෙස  Sterling Automobiles Lanka (Pvt) Ltd සම්මාන දිනා ගත්තේය.  Toyota Genuine Motor Oil කාණ්ඩය යටතේ A.R. Molly (Pvt) Ltd ජයග්‍රහණය දිනා ගත් අතර බස්නාහිර පළාතේ ටයර් සහකරුට හිමි ජයග්‍රහණය හිමිවූයේ U & H Wheel Service (Pvt) Ltd වෙතය.

Toyota Lanka සමඟ එක්ව ගුණාත්මක සහ පාරිභෝගික තෘප්තිය දිනාගත් ඉහළම සේවාවක් ලබාදීම වෙනුවෙන් දක්වන කැපවීම මෙම විවිධ ක්ෂේත්‍රයන් තුළ ඔවුන් ලද ජයග්‍රහණයන් තුළින් මැනවින් ප්‍රදර්ශනය වේ. එමෙන්ම ඔවුන්ගේ මෙම කැපවීම ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපල තුළ Toyota Lanka හි විශ්වාසනීයත්වය හා විශිෂ්ටත්වය පසක් කරමින් එහි කීර්තිනාමය තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහිද දැවැන්ත කාර්යභාරයක් ඉටු කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝලාර මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින අපගේ හවුල්කරුවන් විසින් ලබාදෙන සුවිශාල දායකත්වය ඇගයීමට අවස්ථාවක් ලැබීම මට  ගෞරවයක්.නියම Toyota නිෂ්පාදන බෙදාහැරීම වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම තුළින් අප සමාගම විශිෂ්ට , ගුණාත්මක සහ ප්‍රමිතිගත සේවාවක්  සහතික කිරීම කෙරෙහි දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරනවා. අපගේ මාර්ගෝපදේශක මූලධර්මවලට අනුව නවෝත්පාදනය සහ ඉහළම පාරිභෝගික තෘප්තිය සාක්ෂාත් කරගනිමින් අප එක්ව ඉදිරියට ගමන් කරනවා .”

අලෙවි නියෝජිතයන්ගේ උත්සහවන්තබව සහ කැපවීම පිළිබඳ සිහිපත් කරමින් Toyota Lanka හි සභාපති Sachio Yotsukura මහතා මෙසේ සඳහන් කළේය. “වසර ගණනාවක් පුරා අප සමාගම විසින් ගොඩනඟා ඇති ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබඳව අපගේ 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව කදිම සාක්ෂියක්. අපි සියලුම ජයග්‍රාහකයන් වෙත  හෘදයාංගම සුබපැතුම් පිරිනමනවා. ඒ වගේම ගනුදෙනුකරුවන්ට සුවිශේෂී නිෂ්පාදන සහ සේවාවන් ලබා දීම වෙනුවෙන්  අඛණ්ඩව සහයෝගයක් ලබාදෙන අපගේ බලයලත් හවුල්කරුවන් වෙත අපගේ ප්‍රණාමය පුද කරනවා.”

ඉදිරි වසර සඳහා  වන සැලසුම් ඉදිරිපත් කිරීමට, නව දැනුම බෙදාගැනීමට මෙන්ම ජාලකරණය සහ මෝටර් රථ කර්මාන්තය තුළ අඛණ්ඩ සහයෝගීතාවය වර්ධනය කරගැනීම සඳහා පවතින අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා ද මෙම වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව වැදගත් අවස්ථාවක් විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here