නායයාමක් සම්බන්ධයෙන් මතගැටුමක් – Saru News Media දේශීය පුවත්

0
7

ඇල්ල කරඳගොල්ල 10 කණුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාමක් සම්බන්ධයෙන් මතගැටුමක් සිදුව තිබෙනවා.

මෙම නායයාම සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙකු මාධ්‍යවලට අදහස් දැක්වීමට යාමේ දී ඔහුට පහරදීමට තැත් කිරීමේ සිද්ධියක් ද වාර්තා වනවා.

ඒම පහරදීම වැලැක්වීමට ගිය අප ප්‍රාදේශීය මාධ්‍යවේදී නයන තෙන්නකෝන්ට ද  මොහු පහරදීමට තැත්කර තිබෙනවා.

බදුල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාමේ සිද්ධිය නිරීක්ෂණයට භූ විද්‍යාඥයින් පිරිසක් හා බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරා ඇතුලු පිරිසක් පැමිණ තිබෙනවා.

ඔවුන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදුකළ පරීක්ෂණ පිළිබද තොරතුරු නුදුරේදීම මාධ්‍ය වෙත ලබාදෙන බවයි දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් පන්ඩුල මහතා කියා සිටියේ.

මේ අතර මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමට ප්‍රදේශවාසියෙකු ඉදිරිපත් වු අවස්ථාවේ පුද්ගලයෙකු ඔහුට පහරදීමට තැත් කර තිබෙනවා.

මාධ්‍යවේදීන් මැදිහත් වී එය වළක්වා ඇති අතර අදාළ පුද්ගලයා මේ සම්බන්ධයෙන් ඇල්ල පොලිසියට පැමිණිල්ලක් ද සිදුකිරීමටයි කටයුතු කර ඇත්තේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here