Google search engine
Home ගොසිප් පුවත් විජේරාම ගරාජයක අලුත් වැඩියාවට තැබූ කාර් දෙකක් හොර ලියවිලි පෙන්නා අරන් ගිහින්

විජේරාම ගරාජයක අලුත් වැඩියාවට තැබූ කාර් දෙකක් හොර ලියවිලි පෙන්නා අරන් ගිහින්

0
13

wijerama-garage-issue

ගංගොඩවිල, විජේරාම ප්‍රදේශයේ ගරාජයකට අලුත් වැඩියාවට භාර දී තිබූ කාර් රථ දෙකක් කූඨ ලේඛන සකසා බලයෙන් රැගෙන ගිය බව කියන සීසර් හා ගරාජ හිමිකරු බොරලැස්ගමුව පොලීසිය පෙරේදා (30) වන දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.අත්අඩංගුවට ගෙන ඇති

ගරාජ් හිමිකරු සහ සීසර් බොරලැස්ගමුව හා මිරිහාන කෝට්ටේ පදිංචිව සිටින වයස අවුරුදු 45 – 32 ක් වන බවත් පොලීසිය කියයි.

මේ සඳහා මොවුන් බොරලැස්ගමුව පොලිසියට පැමිණිලි කළ බවට කූඨ ලේඛනයක් ද පොලිස් නිලධාරියකු ලෙස ව්‍යාජ ලේඛනයක් ද ගරාජ හිමිකරුට පෙන්වා කාර් රථ දෙක ෆිනෑන්ස් ආයතනයට සීසර් විසින් ගෙන ගොස් භාර දී ඇත.

මේ අතර වාහන හිමිකරු තමා අලුත් වැඩියාවට භාරදුන් වාහන ගැන සොයා බැලීමට ගිය අවස්ථාවේ මේ බව දැනගත් පසු බොරලැස්ගමුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද බැවින් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමේ දී ෆිනෑන්ස් පොලිස් පැමිණිල්ල කූට ලේඛන අනුව සකසා ඇති අතර පොලීසිය දැනුවත් කිරීමක් හෝ සිදුකර නොමැති බැවින් වහාම ක්‍රියාත්මක වූ පොලීසිය කූට ලේඛන සැකසීම හා බලහත්කාරයෙන් වාහන ගෙන යාම මත ගරාජ හිමිකරු හා සීසර් වහාම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

වාහන වාරික නොගෙවීම මත ෆිනෑන්ස් සමාගම් වලින් වාහන රැගෙන යාමේ දී අදාළ පොලිසියේ පැමිණිලි කර පොලිස් නිලධාරියෙක් සමග ගොස් සාධාරණව වාහන අත්පත් කරගැනීමට හැකි වුවත් මෙලෙස කූට ලේඛන සකසා වාහන ඉස්සීම නීති විරෝධි වන බවත් වාහන හිමිකරුවන්ට තම ජීවිත ආරක්ෂාව පතා කොල්ලකරුවන්ට මරණය සිදු කිරීම දක්වාම බලය යෙදිය හැකි බවත් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතා පැවැසීය.

 එච්.එම්. ධර්මපාල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here