Google search engine
Home ගොසිප් පුවත් පන්නිපිටියේ තරුණ යුවළ බියගැන් වූ සී.අයි.ඩී නිළධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්

පන්නිපිටියේ තරුණ යුවළ බියගැන් වූ සී.අයි.ඩී නිළධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්

0
10

pannipitiya-incident

 පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත්කරුවකුගේ නිවසට ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව කොන්ත්‍රාත්කරුගේ පුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නකු බවට ඔහුගේ බිරිය බිය ගැන් වූ බව කියන එම දෙපාර්තමේන්තුවේ

ත්‍රස්ත මර්දන කොට්ඨාස ඒකකයේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට මෙම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මෙම කොස්තාපල්වරුන් දෙදෙනා සමග පසුගිය මස 29 වැනි දින එම නිවෙසට ගොස් එලෙස බිය ගැන්වීමට කටයුතු කළ බව කියන වරාය අධිකාරියේ සේවය කරන පුද්ගලයකු සහ ඔවුන්ට මෙම කොන්ත්‍රාත්තුව බාරදුන් පුද්ගලයා තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක මත්පැන් පානය කරන බවට මහරගම පොලිසියට ලද තොරතුරක් අනුව පොලිසිය එහි ගොස් පලායමින් සිටි වරාය අධිකාරියේ සේවකයා අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදාහළ බව මහරගම පොලිසිය කියයි.

මේ අතර හෝටලයේ මත්පැන් පානය කරමින් සිටි බව කියන බුද්ධි නිලධාරීන් දෙදෙනාද පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම රජයේ කොන්ත්‍රාත්කරුගේ එකම පුතු මාලබේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දියණියක සමග වසර ගණනාවක සිට තිබූ පෙම් සබඳතාවකින් අනතුරුව විවාහ වී සිටින බව පොලිසිය සඳහන් කරයි.එම විවාහයට තරුණියගේ පාර්ශ්වයේ මවුපියන් මුල සිටම දැඩිව අකමැත්ත ප්‍රකාශ කරන බැවින් තරුණිය සිය තනි කැමැත්තට විවාහ වී ඇති බව පොලිසිය කියයි.එම මවුපියන් තම දියණියගේ සැමියාට ජීවිත තර්ජන වන ආකාරයෙන් පසුගිය කාල වකවානුවේ දී කටයුතු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මහරගම පොලිසියට ද පැමිණිලි කර තිබුණි.

තරුණියගේ පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි නිලධාරීන් දෙදෙනකු එම නිවෙසට එවා ඔහු මත්ද්‍රව්‍ය ඡාවාරමේ යෙදෙන්නකු බවට චෝදනා කර නීතියේ රැහැනට හසුකර දීමට සැලසුම් කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

එම නිලධාරීන් ඉකුත් මස 29 වැනි දින සැලසුම් කළ පරිදි ඒ අනුව දෙපානම නිවෙසට පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව මෙම නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.මේ පිළිබඳව මහරගම පොලිසියේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය. මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අසනීප නිවාඩු වාර්තා කර සේවයට පැමිණ නැහැ.ඔවුන් දෙදෙනාත් මෙය සකස් කළ පුද්ගලයත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here