රණවිරුවන් රට වෙනුවෙන් කළ කැපකිරීම කවදාවත් අමතක කරන්න බැහැ – ආරක්ෂක රාජ්‍ය ඇමති – Saru News Media දේශීය පුවත්

0
7

රණවිරුවන් රට වෙනුවෙන් කළ කැපකිරීම කිසිදිනෙක අමතක කිරීමට බැරි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

රාගම රණවිරු සෙවනේ පැවති වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා යුද හමුදාව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා එක්ව කෘතිම අත් පා නිෂ්පාදන වැඩසටහනක් රාගම රණවිරු සෙවනේ දී ආරම්භ කළා.

ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරම්භ කළ මෙම වැඩසටහනට කෘතිම අත් පා නිෂ්පාදනය පිළිබද විශේෂඥ දැනුමක් ඇති ඉන්දීය ජාතිකයින් 8 දෙනෙකු සම්පත්දායකත්වය සපයනවා.

අවශ්‍යතා ඇති යුද හමුදා සාමාජිකයින් 375 දෙනෙකු ගුවන් නාවික හා පොලිස් සාමාජිකයින් 75 දෙනෙකු හා සාමාන්‍යවැසියන් 200 දෙනෙකු සදහා කෘත්‍රිම අත් පා බෙදාදීමටයි සැලසුම් කර ඇත්තේ.

යුද හමුදා සාමාජිකයන් සිව්දෙනෙකුට සංකේතාත්මකව කෘතිම අත් පා ප්‍රධානය කිරීම රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා , ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න , යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here