පස් හැවිරිදි දැරියකට රොට්වයලර් ප්‍රහාරයක් – හිමිකරු අත්අඩංගුවට | Saru News Media

0
8

ඊයේ (06) රාත්‍රියේ චෙන්නායි හි උද්‍යානයක දී රොට්වයලර් සුනඛයින් දෙදෙනෙකුගේ ප්‍රහාරයකින් දැරියක් බරපතල තුවාල ලබා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පස් හැවිරිදි දැරියක් මෙලෙස බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රථිකාර ලබන බවයි.

මෙහිදී සුනඛන්ගේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සුනඛයින්ව බලාගන්නා තවත් දෙදෙනෙකු ද මෙම සිද්ධියේ චූදිතයන් ලෙස නම්කර ඇති බවයි වාර්තා වන්නේ.

චෙන්නායි හි පොදු උද්‍යානයක දී මෙම සිදුවීම සිදුව ඇති අතර, සුනඛයින් විසින් සුදක්ෂා නැමැති මෙම දැරියට පහරදෙන අවස්ථවේ දී ඇයගේ දෙමාපියන් විසින් දැරියව බේරාගෙන ඇති බව සඳහන්.

මව්පියන් විසින් දැරියව සුනඛයින්ගෙන් බේරාගන්නා තුරු සතුන් දෙදෙනාගේ හිමිකරු ඊට මැදිහත් නොවූ බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධියත් සමඟ ආක්‍රමණශීලී සුනඛයන් සුරතල් සතුන් ලෙස ඇති කිරීම පිළිබඳ විවාදය යළි ඉන්දියාව තුළ මතුව තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here