විරෝධතාවක නිරතවූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

0
10

විරෝධතාවයක නිරතවූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර තිබෙනවා.

එහිදී ඇතිවූ නොසන්සුන්තාවක් අතරතුරදී රැකියා විරහිත උපාධිධාරින් 22 දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දින කිහිපයක සිට උතුරුමැද පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ ඔවුන් අද පළාත් සභා ප්‍රධාන ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවී තිබෙනවා.

ඒ, කිසිවෙකුටත් එම ගොඩනැගිල්ලට ඇතුළු වීමට හෝ පිටවිමට නොහැකිවන අයුරින්.

පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය එම අවස්ථාවේ කටයුතු කර ඇති අතර එහිදී කලහකාරී ලෙස හැසිරුණු රැකියා විරහිත උපාධිධාරින් 22 දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here