පාක්ෂිකයාට බය නැතුව එළියට බහින්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා..

0
11

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට තවත් කාලය තිබෙන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ අපේක්ෂකයා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොඳ තීන්දුවක් ගනු ඇති බවයි.

එමෙන්ම පාක්ෂිකයාට බියකින් තොරව එළියට බැසිය හැකි මට්ටමේ වැඩ පිළිවෙලක් තම පක්ෂය මේවනවිට ක්‍රියාත්මක කරමින් සිටිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක්, පක්ෂ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අද (7) පැවැත්වුණි.

එම සාකච්ඡාව අවසන්කර පිටව යන අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් යොමුකළ ප්‍රශන්වලට පිලිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට අමාත්‍යවරයා දුන් පිලිතුරු මෙසේය.

ප්‍රශ්නය – පොහොට්ටුවේ අනාගතය කොහොමද?

පිලිතුර- පොහොට්ටුවේ අනාගතය ඉතාම හොඳයි.

ප්‍රශ්නය –  අද මොනවද සාකච්ඡා කළේ?

පිලිතුර – පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල සාකච්ඡා කළා. පාක්ෂිකයාට බය නැතුව එළියට බහින්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here