පාඩම් කරන්න කම්මැලියිද? පාඩම් කළත් මුකුත් මතක නැද්ද? එහෙමනම් මේ ලිපිය ඔයාටමයි – Saru News Media

0
22

අපි නිරතුරුවම වගේ පාඩම් වැඩ වල යෙදෙන අය වෙනුවෙන් විවිධ උපදෙස් කියලා දුන්නා. අදත් ඒ වගේ උපදෙස් ටිකක් තමයි මේ ලිපියෙන් අපි අරන් එන්නෙ. පාඩම් කරන්න කම්මැලි කමට විසඳුම් හතක් අපි ඔබට කියලා දෙනවා. ඉතින් වෙනදා වගේම ඔයාට ගොඩක් වටීවි කියලා හිතනවා මේ ටිප්ස් හතත්…

 

මේක ගැන අපි මීට කලිනුත් ලිපියකදි කිවුවා ඔයාට මතක ඇති. ඒක දැක්ක නොදැක්ක හැමෝම වෙනුවෙන් කෙටියන් කියන්නම්කෝ මේ ෆ්ලෑශ් කාර්ඩ් කියන්නේ මොනවාද කියලා. මෙහෙමයි, මේ ෆ්ලෑෂ් කාඩ්ස් ඔයාට සමාන්‍ය කාඩ්බෝඩ් කොටුවක හදන්න පුළුවන්. ඒකෙ එක පැත්තක ඔයාට අමාරු දේක ප්‍රශ්නයත්, අනිත් පැත්තේ ඒකේ පිළිතුරත් ලියන්න. මේක හැබැයි ගණිතය වගේ විෂයකට නම් පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. හැබැයි පාඩම් කරන්න ගොඩක් කරුණු තියෙන විෂයයන්වලට මේ ක්‍රමය ගොඩාක් හොඳයි…

 

 

මයින්ඩ් මැප් කියන්නෙත් පහසුවෙන් පාඩම් මතක තියා ගන්න පුළුවන් කම්මැලි නැති ක්‍රමයක්. මේක සමහර විට ඔයා ඉස්කෝලෙදි හෝ ඔයාගේ ක්ලාස් එකේදිත් කරලා ඇති. ගොඩාක් ගුරුවරු මේක පාවිච්චි කරනවා සටහන් මතක තියාගන්න පහසු කරන්න. මේක කරන්නේ මෙහෙමයි, මුලින්ම ඔයාගේ පාඩම හොඳින් කියවන්න ඕනේ. ඊට පස්සේ කොළේක සම්පූර්ණ සටහනේ වැදගත් කරුණු ඔක්කොම තනි රූප සටහනකට ගන්න ඕනේ. මේ ගැන හොඳ සවිස්තරාත්මකව ලියපු ලිපියක් පහතින් කියවන්න ඔයාට පුළුවන්.

 

 

 

මේකත් හැබැයි හැම විෂයයටම ගැළපෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගණන් වගේ ඒවට ගැළපෙන්නේ නැහැ. ඒත් පාඩම් කරන්න වැඩිපුර කරුණු තියන  විද්‍යාව වගේ විෂයයන්ටනම් කියාපු ක්‍රමයක්. මේක මෙහෙමයි, අපි පොතක් කියවද්දි අපේ හිතේ මැවෙනවනේ පොතට ගැළපෙන එක එක සිද්ධි. මේකත් එහෙමයි. අපි පොතේ කියවන පාඩමට අදාළ චිත්‍රයක් අපිට පුළුවන් මවාගන්න. ඕනේ නම් ඒ චිත්‍රය කොළේක අඳින්නත් පුළුවන්. හැබැයි ඒක ටිකක් වෙලා යන වැඩක් නිසා සාමාන්‍යයෙන් කටු සටහනක් හැටියටත් අපිට අඳින්න පුළුවන්…

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here