පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපති බෑ කිවුවා..- බැසිල්

0
11

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බව තම පක්ෂය තවමත් විශ්වාස කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට වෙනස් ස්ථාවරයක සිටින බවද හෙතෙම සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අමතමිනි.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මහමැතිවරණයක් කැඳවීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමුවේ සඳහන් කර තිබිණ.

කෙසේ වෙතත් කුමන මැතිවරණයක් පළමුව පැවැත්වුවත් ඒ සඳහා සූදානම් වන ලෙස පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here