පෙම්වතාට 100යි පෙම්වතියට 96යි විවාහය ලබන මාසයේ – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
22

වයස අවුරුදු සියයක් වන ඇමෙරිකා ජාතිකයෙකු වයස අවුරුදු 96ක් වන තම පෙම්වතිය විවාහ කර ගැනීමට සුදානම් වන පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වනවා.

හැරල්ඩ් ටෙරන්ස් නැමැති මෙම ඇමෙරිකා ජාතිකයා එරට ගුවන් හමුදාවේ සේවය කළ පුද්ගලයෙක් වනවා.

96 හැවිරිදි ඔහුගේ පෙම්වතිය ජීන් ස්වර්ලින් වන අතර ඔවුන් දෙදෙනාගේ විවාහය ලබන මාසයේ ප්‍රංශයේ දී සිදුකිරීමට නියමිතයි.

දෙවන ලෝක යුද්ධ සමයේ දී හැරල්ඩ් ටෙරන්ස් ප්‍රංශයේ සේවය කිරීම හේතුවෙනුයි විවාහ මංගල උත්සවය එරට දී සිදුකිරීමට තීරණය කර ඇත්තේ.

1994 වසරේ දෙවන ලෝක යුද්ධ සමයේ දී සෙබළුන් දහස් ගණනක් මිය ගිය නොර්මැන්ඩි වෙරළ ආසන්නයේ දී මංගල උත්සවය පැවැත්වීමට නියමිත අතර නගරාධිපතිවරයා එහි ප්‍රධාන අමුත්තා ලෙස නම්කර තිබෙනවා.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here