පුටින් තවත් වසර හයකට දිවුරුම් දෙයි | Saru News Media

0
4

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය පස්වන ධුර කාලය සඳහා අද දිවුරුම් දුන්නා.

ඒ, අනුව ඉදිරි වසර හයක කාලය සඳහා ද රුසියාවේ පාලකයා ලෙස ව්ලැදිමීර් පුටින් කටයුතු කිරීමට නියමිතයි.

ව්ලැදිමීර් පුටින් රුසියාවේ ජනපතිවරයා ලෙස පළමුවරට 2000 වසරේ මැයි මාසයේ දී දිවුරුම් දුන් අතර, එතැන් සිට අඛණ්ඩව වසර 24ක් ඔහු එම තනතුරේ කටයුතු කළා.

“අපි එක්සත් සහ ශ්‍රේෂ්ඨ ජනතාවක්. අපි එක්ව සියලු බාධක ජය ගනිමු, අපි අපගේ සියලු සැලසුම් මල්ඵල ගන්වමු, අපි එක්ව ජයග්‍රහණය කරමු,” යනුවෙන් ජනාධිපති පුටින් සිය දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටි මැති ඇමතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් අමතා ප්‍රකාශ කළා.

පසුගිය මාර්තු මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් 87% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් රුසියානු නායකයා සිය පස්වන ධුර කාලය තහවුරු කර ගත්තා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here