පොලිස් වෙඩි පහරකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහලට

0
14

වාද්දූව, මොල්ලිගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම ප්‍රදේශයේ නිවසක් තුළදී සැමියා විසින් සිය බිරිඳට පහරදෙන බවට වාද්දූව පොලිස් ස්ථානය වෙත දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරින් එම නිවසට ගොස් ඇති අතර අදාළ පුද්ගලයා ඒ වන විටත් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි පොලිසිය පැවසුවේ.

තියුණු ආයුධය අතැතිව සිටි එම පුද්ගලයා යළි සිය බිරිඳට පහර දීමට උත්සාහ කිරීමේදී එය වළක්වාලීම සඳහා පොලිසිය විසින් ඔහුට වෙඩිතබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා සහ ඔහුගේ පහරදීම් හමුවේ තුවාල ලබාසිටි බිරිඳ පානදුර රෝහල ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.

අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව සිටි අයෙකු බවද අනාවරණයවී තිබෙනවා. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here