පෝට්සිටි නිසා ඉංගිරියේ ලිං හිදිලා.. අධිවේගය රටට බරක්..- අනුර

0
7

කොළඹ වරාය නගරයට ගල් ගෙන ආ නිසා ඉංගිරිය ප්‍රදේශයේ ලිං හිඳී ගොස් ඇති බවත් කඩුවෙල දිවුලපිටිය ප්‍රදේශයෙත් එම තත්ත්වය උදාවී ඇති බවත් ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කොළඹ වරාය නගරය ඉදි කිරීමේදී එදා දැක්වූ පාරිසරික විවේචනයක් බවත් එය අදටද වලංගු බවත් හෙතෙම කියා සිටී.

දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනකට එක්කමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

අධිවේගී මාර්ගය ඉදිකළද ඒ හා බැඳුණු නගර හා සංවර්ධන සැලැස්මක් නොමැති වීම නිසා අද අධිවේගී මාර්ගය තිබුණද එය බරක් වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

අධිවේගී මාර්ගයක් පැවතීම හොඳ නමුත් ඒ හා බැඳුණු කර්මාන්ත ශාලා ජාලයක්ද නිතර ගමන් කරන බහලුන් ප්‍රවාහන රථද පැවතිය යුතු වුවත් වසර 15කට පසුවද එම තත්ත්වය උදා වී නැතැයිද හෙතෙම එහිදී තව දුරටත් පැවසුවේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here