PHI සංගමයේ භාණ්ඩාගාරික ඝාතනයේ සැකකරු කටුනායක දී අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
6

මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා ඇල්පිටිය ප්‍රදේශයේ දී ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනය ඇතුලු තවත් මිනීමැරුම් ගණනාවක් සදහා පොලිස් විමර්ෂණවලට අවශ්‍යව සිටි තිවංක මනෝහර නැමැති පුද්ගලයා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඩුබායි රාජ්‍ය බලා පළා යාමට සුදාම්ව සිටියදී අත්අඩංගුවට ගැනුනේ.

ගුවන් තොටුපළේ ස්වයංක්‍රීය මුහුණ හදුනාගැනීමේ පද්ධතිය ඔස්සේ හදුනාගත් මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුනා.

මධුරදුවගේ ඩිල්ෂාන් මධුෂංක සිල්වා යන ව්‍යාජ නමකින් ඔහු පෙනී සිටි ඇති අතර කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්මාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර එය හැර ගිය අයෙක්.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරවරයා වෙඩි තබා ඝාතනය කිරීමට මෙම පුද්ගලයා ඔත්තු බැලු බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මුලස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here