බස් රථ රියදුරන්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
6

බස් රථ රියදුරන් වෙත ගංජා අලෙවි කිරීමේ නිරත වු පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය කටයුතු කළා.

වැලිමඩ නගරයෙන් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථ රියදුරෙකු පසුගියදා ගංජා ළග තබාගෙන සිටියදී අත්අඩංගුවට ගැනුනා.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව උපාය දූතයෙකු මාර්ගයෙන් කළ වැටලීමකදියි ඌව පරණගම යාලගමුව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනුනේ.

සැකකරු සන්තකයේ තිබි වියළි ගංජා පැකට් 26ක් සහ ගංජා ග්‍රෑම් 130ක ප්‍රමාණයක් පොලිසිය සොයා ගත්තා.

මේ අතර වැලිමඩ නුගතලාව දිමුතුගම ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී හෂිස් ග්‍රෑම් දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

මොවුන් වයස අවුරුදු 25ත් / 30ත් අතර පසුවන පුද්ගලයින් බවයි පොලිසිය පවසන්නේ. මේ පිළිබද වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here