වසර දෙකකට පසු වාර්තාගත අපනයන ආදායමක්

0
11

වසර දෙකකට පසු අපනයනවලින් ලැබූ ඉහළම ඉපැයීම ඉකුත් මාර්තු මාසයේදී වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මෙලෙස වාර්තාගත අපනයන ආදායමක් වාර්තාකර ඇත්තේ 2022 වසරේ අගෝස්තු මාසයෙන් පසු පළමු වරටයි.

2023 වසරේ උපයා ඇති අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,037ක්.

එය මේ වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,139ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහි වැඩිවීම සියයට 9යි දශම 8ක්. මේ හේතුවෙන් රටේ වෙළඳ හිගයද පහළ ගිය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ. 

2024 මාර්තු මාසයේ කාර්මික, කෘෂිකාර්මික හා ඛනිජමය අපනයනය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතරින් තේ සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කැපී පෙණුනා.

කෙසේවෙතත් 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ ආනයන වියදම ඉහළ ගොස් තිබෙනවා.

2023 වසරේ මාර්තු මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1,450ක් වූ ආනයන වියදම ඉකුත් මාර්තු මාසයේ ඉහළ ගොස් ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,508ක් දක්වායි.

එය සියයට 4ක වැඩිවීමක්. ආනයන වියදම වැඩි වීමට හේතු වී ඇත්තේ පාරිභෝගික භාණ්ඩ වියදම වැඩි වීමයි. ඒ අතරට ආහාර සහ පාන වර්ගද අයත්.

2023 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ ද ඉකුත් මාර්තු මාසයේදී සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here