Google search engine
Home ගොසිප් පුවත් හරිත සරසවි මත්පැන් සාද­යක් අත­ර­තු­රදී ගැටු­මක් එක් අයෙක් රෝහලේ 12ක් අත්අ­ඩං­ගු­වට

හරිත සරසවි මත්පැන් සාද­යක් අත­ර­තු­රදී ගැටු­මක් එක් අයෙක් රෝහලේ 12ක් අත්අ­ඩං­ගු­වට

0
16

green-university-homagama-fight

හෝමා­ගම හරිත සර­ස­වියේ සිසු සිසු­වි­යන් පිරි­ස­කගේ සහ­භා­ගී­ත්ව­යෙන් පැවති මත්පැන් සාද­යක් අත­ර­තු­රදී හෝටල් සේව­ක­යින් හා සර­සවි සිසුන් අතර ඇතිවූ බහි­න්බ­ස්වී­මක් දුර­දිග යාමෙන් දෙපා­ර්ශ්වය අතර ගුටි බැට හුව­මා­රු­වක් සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ග­ල­යෙකු රෝහල් ගත­කොට කාන්තා­වක ඇතුළු දොළොස් දෙනෙකු (30) දා රාත්‍රී අත්අ­ඩං­ගු­වට ගත් බව හෝමා­ගම මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

ගැටුම අත­ර­තු­රදී ආදි සර­සවි සිසු­වකු පැදවූ වෑන් රථ­යක හෝටල් සේව­ක­යකු අන­තු­රට ලක් කිරීම හේතු­වෙන් බර­ප­තළ තුවාල ලැබූ එම පුද්ග­ලයා ප්‍රති­කාර සඳහා හෝමා­ගම මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බර­ප­තළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

හෝමා­ගම හරිත සර­ස­වියේ දැනට අධ්‍යා­ප­නය ලබන හා ආදි සිසුන් පිරි­සක් අතර හෝමා­ගම සුව­පු­බු­දු­ගම ප්‍රදේ­ශයේ හෝට­ල­යක ඉකුත් 30දා සවස සිට මත්පැන් සාද­යක් පවත්වා තිබේ.

මේ සඳහා හෝමා­ගම හරිත සර­ස­වියේ සිසුන් හා ආදි සිසුන් පිරි­සක් සමඟ ඔවුන්ගේ හිත­ව­තුන් පිරි­සක් සහ­භාගී වී සිට තිබේ. එහිදී සිසුන් අතර බහි­න්බ­ස්වී­මක් සිදුව ඇති අතර එය දුර දිග යාමෙන් සුළු ගැටු­මක් දක්වා වර්ධ­නය වී තිබේ. එහිදී එම ගැටුම පාල­නය කිරීම සඳහා හෝටල් සේව­ක­යන් මැදි­හ­ත්වී­මත් සමඟ සාදය සඳහා සහ­භාගී වූවන් හෝටල් සේව­ක­යින් අතර ආර­වු­ලක් හට­ගෙන දෙපා­ර්ශ්වය විසින් එකි­නෙකා අතර ගුටි­බැට හුව­මා­රු­වක් සිදුව තිබේ.

පසුව එය මඳ වේලා­ව­කින් නිමා­වට පත් වුවද රාත්‍රී 11 පමණ වන විට යළිත් වරක් දෙපා­ර්ශ්වය අතර ගැටු­මක් හට­ගෙන තිබේ. එහිදී යළිත් වරක් දෙපා­ර්ශ්වය අතර පහ­ර­දී­මක් සිදු­කර ඇති අතර, ඒ සඳහා ගම්වා­සීන් ද පැමිණ ඇති බව මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ.

ගැටු­මේදී හෝට­ලයේ දේපළ රැස­ක­ටද හානි සිදුව තිබේ.

පසුව සිද්ධිය සම්බ­න්ධ­යෙන් 119 හදිසි ඇම­තුම් අංක­යට දැනුම් දී ඇති අතර පොලි­සිය පැමි­ණී­මට පෙර එහි සිටි ආදි සිසු­වකු තම බිරිඳ සමඟ පැමිණ තිබූ වෑන් රථය පණ ගන්වා පලා­යා­මට සැරසී තිබේ. එහිදී ඔවුන්ගේ ගමන වැළැ­ක්වී­මට ඉදි­රි­යට පැමිණි හෝටල් සේව­ක­යෙකු හප්පා අන­තු­ර­කට ලක් කිරීම නිසා එම පුද්ග­ලයා බර­ප­තළ තුවාල ලබා තිබේ.

එම අන­තු­රින් බර­ප­තළ තුවාල ලැබූ හෝටල් සේව­කයා ප්‍රති­කාර සඳහා හෝමා­ගම මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බර­ප­තළ බව පැවසේ.

පසුව සිද්ධිය වූ ස්ථාන­යට හෝමා­ගම පොලි­සියේ නිල­ධාරී කණ්ඩා­ය­මක් පැමිණ සර­සවි සිසු සිසු­වි­යන් හා ආදී සිසුන් ඇතුළු දොළොස් දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගත් බවත් ඒ අතර කාන්තා­වක සිටින බවත් පැවසේ.

අත්අ­ඩං­ගු­වට ගත් මැද­ව­ච්චිය, මාතර, මැදි­රි­ගි­රිය, කැකු­ණ­වෙල, පිළි­ය­න්දල, රාගම, කොස්ගම, පදිංචි (20 – 29) වයසේ පසු­වන සැක­ක­රු­වන් (01) දා හෝමා­ගම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් හෝමා­ගම වැඩ බලන මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක කාරි­ය­ව­සම් මහ­තාගේ උප­දෙස් මත ඉදිරි පරී­ක්ෂණ පව­ත්වති.

(කොට්ටාව – ප්‍රදීප් කුමාර)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here