බෝම්බ බිය දුරු කරගන්න මේ ගැනත් හිතන්න – Saru News Media

0
9

අවුරුදු දහයක විතර කාලෙකින් පස්සේ අපිට අපේ රටේ ආරක්ෂාව ගැන විශාල සැකයක් ඇතිවෙලා තියෙනවා. එල්ටීටීඊ ත්‍රස්තවාදී කාලයෙදිවත් මෙහෙම අවිනිශ්චිත තත්ත්වයක් ඇති වුණා කියලා හිතන්න අමාරුයි. මේ තත්ත්වයේ මූලබීජ මොකක් වුණත් දැන් අපිට මේ තත්ත්වයට මුහුණ දෙනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා අපි හිතුවා බෝම්බ බිය දුරු කරගන්න, අපි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න.

 

පොඩ්ඩක් විමසිලිමත් වූණොත් අපිට ලොකු විනාශයක් වළක්වා ගන්න පුළුවන්. අපි දැන් දකින දෙයක් තමයි බොහෝවිට බස් රථයක හෝ දුම්රියක ගමන් කරද්දී බොහෝ දෙනා දුරකථනය මගින් ෆේස්බුක් ලොග් වෙලා තමන්ගේම ලෝකයක ගත කරන්න පුරුදු වෙලා තියෙනවා. මේ පුරුද්දට අකමැත්තෙන් වුණත් අපිට සමු දෙන්න වෙනවා. ඒ අපේ ආරක්ෂාව වෙනුවෙන්. ගමනෙ ආරම්භයේ පටන් අවසානය දක්වාම විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කරනවනම් අපිට අප වටා වෙන්නේ මොකද්ද කියලා සහ අපේ සහෝදර මගීන් පිළිබඳව විමසිලිමත් වෙන්න වෙනවා. විශේෂයෙන්ම පාර්සල් රැගෙන එන්නන් පිළිබඳව. යම් අවස්ථාවක පාර්සලයක් බස් රථයේ හෝ දුම්රියේ උඩ රාක්කවල තබන්න කෙනෙක් උත්සාහ කරනවා නම් හැකිතාක් ඒකෙන් වැළකිලා, ඔහු ළඟම පාර්සලය හෝ බෑගය තබා ගන්න කියලා කියන්න ඔබට අයිතියක් තියනවා.

 

මේක පොඩ්ඩක් අපහසු කාර්යයක්. නමුත් යම් පුද්ගලයෙක් අසාමාන්‍ය ලෙස විශාල බෑග් රැගෙන එනවනම් හෝ ලංකාවේ දේශගුණ තත්ත්වයට නොගැළපෙන ආකාරයේ ජැකට් වැනි ඇඳුම් පැළඳගෙන ගමන් කරනවා නම් ඔහු පිළිබඳව විමසිලිමත් වුණාට කිසි වරදක් නෑ. ඒ වගේම ඔවුන්ගේ ඉරියව් පිළිබඳව විමසිල්ලෙන් බලන්න. ඇතැම් විට ඔහු කැප් තොප්පියක් පැළඳගෙන ඉන්න පුළුවන් (කැප් තොප්පි පැළඳීම මඟින් සීසීටීවී කැමරාවල වලදී මුහුණ පැහැදිලිව පේන්නෙ නැහැ). ඒ වගේම දැනට අපට තර්ජනය එල්ල වී තිබෙන්නේ ඉස්ලාම් අන්තවාදීන්ගෙන් නිසා ඔවුන් යටි රැවුල පමණක් වවා ඇත්දැයි යන්න ගැනත් ඔබ අවධානය යොමු කරන්න (කිසිසේත් ජාතිවාදී හෝ එක්තරා ජන වර්ගයක් අපහසුතාවයට පත් කිරීමට සඳහන් කරන දෙයක් ලෙස බාර නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලීමක් කරනවා).

 

ඔබ දන්නා පරිදි මේ වන විට ඩ්‍රෝන යානා භාවිතා කරන්න පුළුවන් ආරක්ෂක අංශවලට විතරයි (පසුගිය වසරේ වෙනියුසියුලා ජනාධිපතිවරයා එවැනි ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් බේරුණේ අනූ නමයෙන්). ඒ නිසා ඔබ ආසන්න අහසේ ඩ්‍රෝන යානාවක් සැරිසරනවා නම් අනිවාර්යෙන්ම ආරක්ෂක අංශ දැනුවත් කරන්න දෙවරක් හිතන්න එපා. ඔබට ඉන් ජීවිත රැසක් බේරාගැනීමට හැකියාව ලැබෙන්න පුළුවන්.

 

යම් කිසි සැක සහිත පුද්ගලයෙක්, විශේෂයෙන්ම බුර්කාව පැළඳි කාන්තාවන් ප්‍රදේශයේ සැරිසරනවා නම් ඔවුන් පිළිබඳව විමසිලිමත් වෙන්න. ඇතැම් පුපුරවා ගැනීම් වලට ගර්භනී කාන්තාවන් පවා භාවිතා කළ බව අමතක කරන්න එපා.  ඒ වගේම අවශ්‍ය නම් ඔබට ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත ඉල්ලා පරික්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඊට ඔවුන් විරෝධය පළකරනවා නම් අනිවාර්යෙන්ම ආරක්ෂක අංශ දැනුවත් කරන්න.

 

ඔබ ප්‍රදේශයෙහි ආරක්ෂාව වෙනුවෙන් ග්‍රාම සේවා නිලධාරිතුමාගේ මඟපෙන්වීම යටතේ ඔබ අවට නිවෙස් වල සිටින්නන් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න. විශේෂයෙන්ම ඔබ අවට ලැගුම්හල්, කුලී නිවාස පවතිනවා නම් ඒ ඒවා සඳහා පැමිණෙන ඔවුන්ගේ අනන්‍යයතාවය තහවුරු කර ගැනීමට නිසි වැඩපිළිවෙළක් ඇද්දැයි යන්න පිළිබඳව විමසිලිමත් වන්න. සහයෝගයෙන් වැඩ කිරීමෙන් තොරව මෙවැනි වැඩපිළිවෙළක් සාර්ථක කරගත නොහැකි බව වටහාගෙන ඒ අනුව කටයුතු කරන්න.

 

සමාජ ජාල භාවිතා කර අසත්‍ය ප්‍රචාර සහ වෛරී ප්‍රකාශ සිදු කරන්නන් පිළිබඳව ආක්ෂක අංශ දැනුවත් කිරීමට වගබලා ගන්න. ඇතැම් අවස්ථාවල ත්‍රස්තවාදීන් විසින්ම මෙවැනි කටයුතු සිදුකිරීමට ඉඩ ඇත. යම් අවස්ථාවක ඔබට නුහුරු බසකින් ඇසෙන වීඩියෝවක් කුමන හෝ සමාජ මාධ්‍යයක් තුළින් ලැබුණායැයි සිතන්න, එවිට ඔබ කළ යුත්තේ එම භාෂාව කතා කරන ඔබගේ මිතුරෙකු ලවා එහි අඩංගු පණිවිඩය කුමක්දැයි යන්න තහවුරු කරගන්න එකයි. අවශ්‍ය නම් ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කරන්න. අනවශ්‍ය ලෙස එය බෙදා ගැනීමෙන් වලකින්න.

 

අයර්ලන්ත ගරිල්ලන් විසින් මහා බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර් මහත්මියට කළ ප්‍රහාරයක් වැරදි යාමෙන් පසු මෙලෙස දන්වා තියෙනවා. “මැතිණියනි, අපි අද අවාසනාවන්ත වුණෙමු. එහෙත් ඔබ අද මෙන්ම සෑම දිනම වාසනාවන්ත විය යුතුය. මක්නිසාද අප වාසනාවන්ත විය යුත්තේ එක් නිමේශයක් පමණක් නිසා බැවිනි”. මේ නිසා ඔබේ පමණක් නොව ඔබ අවට සිටින අයගේ ද ඔබේ ලබැඳියන්ගේද ආරක්ෂාව වෙනුවෙන් සෑම විටම සැලකිලිමත් වන්න. එහිදී ඔබට භෞතික සහ භෞතික නොවන සියළු දෑ පිළිබඳව සැළකිලිමත් වෙන්න වෙනවා. උදාහරණයක් විදිහට නවතා ඇති මෝටර් රථයක් පිළිබඳව මෙන්ම පාරේ ගමන් කරන අයෙක් දෙස එක හා සමාන සැකයෙන් යුතුව බැලීමට ඔබට සිදු වෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here