උයන පිහන ගෘහණියන්ට කුස්සියේදී නිතරම එන පොඩි පොඩි ගැටළු 10කට අපෙන් පිළිතුරු – Saru News Media

0
19

කුස්සියේ වැඩ කරද්දි පුංචි පුංචි ජරමර වලට අපි හැමෝටම මුහුණ දෙන්න වෙනව. අද අපි මේ අරන් ආවෙ එහෙම පොඩි පොඩි කුස්සි ජරමර වලට පිළිතුරු ටිකක්. සමහර දේවල් නම් අපෝ ඕකත් මහ දෙයක්ද කියල හිතුනට කරන්න ගියාම අනාගන්නව. ඔය බටර් කේක් හැදිල්ලත් ඒ වගේ. කියවලම බලන්නකො මේ ටිප්ස් ටික දැනගෙන ඉන්න එක ඔයාලටත් කවද හරි වැදගත් වේවි.

 

කට්ලට් හදනව කියන එක වෙලාව ගතවෙන වැඩක්. ඒ නිසා කලින්ම හදල තියන කට්ලට් ටික කෑම මේසෙට එද්දි මැලවිලා. එහෙම නැත්නම් බදින්න ගත්තු වෙලේ ඉඳන් පුපුරනව, කැඩෙනව. මෙන්න මේ අවුල් දෙකම නැතුව කට්ලට් ටිකක් ලස්සනට හදන්න නම් මේ පොඩි ටිප්ස් දෙක මතක තියාගන්න.

 

බාස්මතී හාල් එක එක වර්ගෙන් වෙළඳපොළේ තියෙනව. පකිස්තාන් බාස්මතී, ඉන්දියන් බාස්මතී සහ ලෝකල් බාස්මතී. පකිස්තාන් සහ ඉන්දියන් බාස්මතී වර්ග දෙක තමා හරි විදියට උයා නොගත්තොත් ඉක්මනින්ම බෙරි වෙන්න බලන්නෙ. ලංකාවෙ බාස්මතී එක අනික් වර්ග දෙක තරම් හාල් ඇට දිග පහසුවෙන් බෙරි වෙන හාලක් නෙවෙයි.

 

ආප්ප සෝඩා එහෙමත් නැත්නම් බේකින් සෝඩා කියන්නෙ සෝඩියම් බයිකාබනේට්. මේ නම් දෙකෙන්ම හඳුන්වන්නෙ එකම දේ. සිල්ලර කඩ වල ආප්ප සෝඩා කියල විකුණන දේටමයි බේකින් සෝඩා කියන්නෙත්. විවිධ රෙසිපි වල ඔය නම් දෙකම පාවිච්චි වෙන නිසා පැටළිලි සහගතයි බොහෝ දෙනෙක්ට.

බේකින් පවුඩර් කියන්නෙ බේකින් සෝඩා නෙවෙයි. සෝඩියම් බයිකාබනේට් සහ ක්‍රීම් ඔෆ් ටාටාර් වල එකතුවක්. සාමාන්‍යයෙන් කේක් වලට පාවිච්චි කරන්නෙ බේකින් පවුඩර්.

 

එක එක පළාත්වල එක එක ක්‍රම මේකට පාවිච්චි කරනව. සමහරු කියනව කතා නොකර කපන එකෙන් තිත්ත නැති වෙනව කියල. මේන්න මේ ටික කරල බලන්නකො කරවිල වල තිත්ත නැතුව උයන්න. කරවිල හොද්ද ඒදල ලිපේ තියන්න කිට්ටු කරලම කරවිල ටික කපන්න ගන්න. ඒ කියන්නෙ උයන්න ඕන ළූණු, සුදුළූණු අනන් මනන් ඔක්කොම කපාගෙන අන්තිමට කරවිල ටික කපන්න. කරවිල තැම්බෙන්න තියන කොට පොල් වතුරෙන් තම්බ ගන්න එකෙනුත් තිත්ත රසය අඩු කරගන්න පුළුවන්.

 

හොදි හදන එහෙකට ලුණු වැඩි උනොත් අමු අල පෙති කීපයක් දැම්මම ලුණු රස අඩු වෙනව. ළූණු තෙල් දැමිල්ලකට ලුණු වැඩි උනොත් තව ළූණු ටිකක් කපල එකතු කරගන්න. ෆ්‍රයිඩ් රයිස් එහෙකට, කහ බතකට ලුණු වැඩි උනොත් අමු අල පෙති කීපයක් බත් එකේ තැනින් තැනට ගහල ලන්ච් ශීට් එකකින් හොඳට කවර් කරල වහල තියන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here