මතට ලොබ බැඳි තුරුණු ජිවිත – ඉන් මුදාලන සොඳුරු මාවත – Saru News Media දේශීය පුවත්

0
18

යුක්තිය මෙහෙයුම තුළින් සමාජයට වන යහපත දරා ගත නොහැකි පිරිස් තමන්ට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට බලකරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ මත්ද්‍රව්‍යවලට රට තුළ ඇති ඉල්ලුම අඩු කිරීමේ මෙහෙයුම අද ආරම්භ කළ බවයි.

මතට ලොබ බැදි තුරුණු ජිවිත – ඉන් මුදාලන සොදුරු මාවත සුවසාර කැදැල්ල පුනරුත්ථාපන වැඩසටහන් මාලාවේ කොළඹ උතුර කොට්ඨාශයේ වැඩසටහන අද ආරම්භ වුණා.

ඒ කොටහේන පරමානන්ද පුරාණ විහාරස්ථානයේ දීයි. කොළඹ ප්‍රදේශයේ මතට ඇබ්බැහිවුවන් 50 දෙනා බැගින් ස්ථාන 11 කදී දින 14ක් පුනරුත්ථාපන කෙරෙනවා. ඒ සදහා මධ්‍යස්ථාන 256ක් පිහිටුවීමට නියමිතයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here