විදුලිබල පනතට එරෙහිව තවත් පෙත්සමක්

0
15

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන ඉංජිනේරුවන් වන පුණ්‍යා ශ්‍රී කුමාර ජයකොඩි සහ මයුර චන්දන නෙත්තිකුමාර විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂය භාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පවරා දී තිබෙන බවයි.

මේ හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික තීන්දු තීරණ ගැනීමට අවස්ථාව සැලසෙන අතර එය විදුලි බල මණ්ඩලයේ පැවැත්මට යහපත් නොවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here