“හැටනවලක්ෂය අයිති නැහැ නාමල් රාජපක්ෂටවත් ඒ මුක්කු ගහන කාටවත්. හැටනවලක්ෂය කියන්නේ ඔය ඇදගෙන යන පොහොට්ටුව නෙවේ. ඒක අයිති අපිට” යැයි පැවසු ඔහු “පූට්ටුවෙන්න ඉන්න ව්‍යාපාරිකයාගේ සල්ලි අපරාදේ” බව ප්‍රකාශ කළේ මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ භූමියේදී ඊයේ (05) පැවති රැලියකදීය.
රැලිය අමතමින් මව්බිම ජනතා පක්ෂයේ නායකයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.
“අපි කවුරුත් පාර්ලිමේන්තු යන්නේ නැහැ ඇමතිකම් සූප්පු කරන්න. අපි විශ්වාස කරන්නේ දේශපාලනය. මමත් වසර 30ක් දේශපාලනය කරපු කෙනෙක්. මම ඡන්දය ඉල්ලුවේ නැති වුනාට මම විවිධ නායකයින් ගැන විශ්වාසය තැබූ කෙනෙක්. විවිධ අවස්ථාවලදී අපි අපේ දැඩි කැපවීමෙන් වැඩ කළා මේ රටේ වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒක සිද්ධ වුනේ නැහැ.
මේ දේශපාලනය අපි කරකවන්න හදන්නේ වෙන කොහෙට හරි කියලා කවුරි හරි කියනවා නම් ඒක සම්පුර්ණ බොරුවක්. අපිට ඕන ඔබේ ජිවිතයේ සතුට. ඔබට බොරු පොරොන්දු දුන්න දේශපාලන ක්‍රමය නැති කරන්න ඕන. ඒ දේශපාලනයට තිත තබන්න ඕන.
පොහොට්ටුවේ නායකයින්ට මම කියන්නේ කරුණාකරලා උත්සහ කරන්න එපා අහිංසක පොහොට්ටු ඡන්දයේ කවුරු හරි මුදලාලි කෙනෙකුට භාර දෙන ඡන්දයක් නෙවේ. මේ මව්බිමට ආදරය කරන දේශප්‍රේමී ඡන්දය පුට්ටු කරන්න උත්සහ කරනවා නම් අපි දැම්මම කියන්න ඕන අපරාදේ ඒ වියදම් කරන සල්ලි. ඒ නිසා මේ පොහොට්ටු ඡන්දය විකුනන්න දෙන්න බැහැ.
සිනොෆෙක් පෙට්‍රල් සෙඩ් එක ගෙනාවේ ආයෝජනයක් හැටියටද ?
අපිට රෑ දවල් කියලා දේශපලනය දෙකක් නැහැ. ඒ නිසා මේ පාලනය කරගෙන යන මුක්කු ගහගෙන ඉන්න හැමෝම එකයි. අද මේවාට විරුද්ධ වෙන්න කවුරුත් නැහැ. සමාගම් විකුණනවට කවුරුත් විරුද්ධ වෙන්න නැහැ. දැන් වතු කම්කරුවන්ට රුපියල් 1700ක් වැඩි කලාට ඒක කරන්න බැහැ. ඒකට වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. එහෙම වැඩපිළිවෙලක් නැතුව තමයි තීරණ අරගෙන තියෙන්නේ. මේ ඇස්බැන්දුම් දේශපලනයේ බාල වැඩ මේවා. හැබැයි අපේ දේශපලනය තුල කවදාවත් කණගාටු වෙන දේවල් සිද්ද වෙන්නේ නැහැ. අපි පොරොන්දු වෙන හැම දෙයක්ම ඉෂ්ඨ කරනවා.
”දිලිත්ට රට භාර දුන්නොත් රට ගොඩ” – ජවිපෙ හිටපු මන්ත්‍රී පියසිරි විජේනායක
තවදුරටත් ඔහු මෙසේද පැවසිය.
”ඩී. එස් සේනානායක මහත්තයාගෙන් පටන් අරගෙන එක එක පක්ෂවල නායකයින්ට රට භාර දීලා බලාගෙන හිටියා. අපි හාල් තුනයි පනහට ගන්න ඡන්දය දුන්නා, රට බේරා ගන්නත් ඡන්දය දුන්නා. අපි ඒ හැම නායකයෙක්ම හැදුවේ දේශපාලන පක්ෂයක, ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවල, පාර්ලිමේන්තුවේ ඇවිද ඇවිද ඉදලා කාලයක් ගත වෙච්ච නායකයින්. ඒ නායකයින්ට තිබුනේ මොකද්ද? පළමු ප්රශ්නය තිබුණේ ඩී. එස්, ඩඩ්ලිගෙන්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ 77 පස්සේ බලයට ආපු හැම නායකයාටම වුවමනාවක් තිබුණා තමන්ගේ පුතා ඉස්සරහට ගේන්න. තමන්ගේ මඩිය තර කර ගන්න. ඒ නායකයින්ට තිබුනේ නැහැ ජාතික දැක්මක්. ඒ නායකයින්ට තිබුනේ නැහැ ජාතික බලාපොරොත්තුවක්. ඔවුන්ට තිබුනේ එකම එකක්. ඒ තමයි අපි කරනවා කියන එක විතරයි.
අපි මේ දිලිත් ජයවීර ගෙනත් තියෙන්නේ මතුගම ආසනයෙන් ඡන්දය ඉල්ලන්න නෙවේ. පක්ෂයේ නායකයා විදියට මෙතුමා එළඹෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මෙරටේ රාජ්‍ය නායකයා කරන්න.
නිකන් හිතලා බලන්න ආර්. ප්‍රේමදාසට වඩා ගව් සියක් පසුපස ඉන්නේ සජිත් ප්‍රේමදාස. ඔහු මේ රටේ ජනාධිපති වුණොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට වැඩිය අන්ත වෙනවා. දැක්මක් නැහැ. ඔහු ලෝකය දකින්නෙත් නැහැ. රට දකින්නෙත් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. සජිත් ප්‍රේමදාසගේ පියා දේශපාලනය කළා. එයා රටේ ජනාධිපති වුණා. විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගත්තා. එක දවසක්වත් මේ රටට මොනවා හරි තමන්ගේ ශක්තියෙන් සජිත් ප්‍රේමදාස මේ රටට කරපු දෙයක් කියන්න. තමන්ගේ හැකියාවෙන්, දැනුමෙන් මුකුත් කරලා නැහැ. කොහෙන්දෝ ආධාර එකතු කරලා පාසල්වලට බස් බෙදනවා. ඔහොම කොහොමත් රට හදන්න බැහැ එතුමාට.
ඒ නිසා වැඩක් කරන්න පුළුවන් නායකයෙක් රටට ඕන. ඒ සදහා හොදම නායකයා තමයි දිලිත් ජයවීර කියන්නේ. ඔහුට රට භාර දුන්නොත් රට ගොඩ.
”ව්‍යවසායක රාජ්‍යක් තුළින් ඔබ සියලු දෙනාම සතුටින් තියන්න පුලුවන්” -ව්‍යවසායක උපාලි ජයසේකර
” මව්බිම ජනතා පක්ෂයේ ප්‍රධාන අරමුණ සතුටු දැයක් නිර්මාණය කිරීම. සතුටු දැයක ජීවත් වෙනකොට සතුටින් ගෙදර පවුලේ ආදායම, කාටත් අත නොපාන ආදායමක් ඇතිකරන පසුබිමක් නිර්මාණය කිරීම තමයි අපි මේ කරන්නේ. මේ රටේ කිසිම කෙනෙක්ට හීනයක් දකින්න බැහැ. හීන බොද වෙනවා. අඩුම තරමේ පුස් සයිකලයක් ගන්නවත් හීනයක් දකින්නේ නැහැ. මේ රටේ පාලනය කරපු මෝඩ අමන තක්කඩි පාලකයෝ නිසා ලෝකයේ දුප්පත්ම රට බවට පත්කරල තියෙනවා. ඔවුන් තමයි මේකට වගකියන්න ඕන.
ව්‍යවසායක රාජ්‍යක් තුළින් පාරිභෝගිකයාට යන සිල්ලර මිළ අපිට කියන්න පුළුවන්. ඒකෙන් පාරිභෝගිකයා වගේම ගොවියත් සතුටු වෙනවා. ජපානය බලන්න ව්‍යවසායක පාලකයෝ සහ බලධාරීන්. ජනතාවත් එහෙමයි. ඔවුන් රුපියල් 100 ට හාල් ගෙනත් නොකා රුපියල් 800 ට හාල් ගෙනත් කනවා. නමුත් මේ රටේ පාලකයන්ට ඒ වගේ සිතුවිල්ලක් හෝ අවබෝධයක් නැහැ.
”අපි කිසිම පක්ෂයකින් නොකරපූ දේවල් අපේ පක්ෂයෙන් කරනවා. ඒක අපි පොරොන්දු වෙනවා. ජනාධිපතිවරණය පවත්වන්නේ ඔක්තෝම්බර් 07 වැනිදා. ඒ සදහා අපි ලෑස්ති වෙන්න ඕන. වත්මන් ජනාධිපති දහන් ගැට සියල්ලම ගැහුව්වා මේ ඡන්දයෙන් බේරෙන්න. නමුත් ජනාධිපතිවරණය තියන්න ඕන. ඒ මැතිවරණයෙන් ඔහුට ගෙදර යන්න සිද්ද වෙනවා. ඒ ජනාධිපතිවරණය කාටවත් නවත්වන්න බැහැ. ඒක කාටවත් නවත්වන්න බැහැ. නවත්වන්න හැදුවොත් අපි විප්ලව කරනවා.
දේශපලනය හැම කෙනෙකුටම කරන්න බැහැ. ඒ සදහා දැක්මක් තියෙන්න ඕන. දැනුමක් සහිත නායකත්වයක් නම මව්බිම ජනතා පක්ෂය තමයි. අපිට ඕන තරුණ පක්ෂයක්.”
Saru FM Media