සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දෙන දවස කලින්ම ප්‍රකාශයට

0
11

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියා.

new2023 voice · EXAM AMITH 04

අද ආරම්භවූ සාමාන්‍ය පෙළ විභාගය ලබන 15වන දා දක්වා පැවැත්වෙනවා.

යම් ප්‍රදේශයක ආපදාවක් සිදුවුවහොත් බාධාවකින් තොරව විභාග අපේක්ෂකයන් සිය මධ්‍යස්ථාන කරා රැගෙන ඒමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවා.

new2023 voice · EXAM AMITH 02

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී අපේක්ෂකයන් හාර ලක්ෂ පනස් දෙදහස් නවසිය හැත්තෑ නව දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය  සඳහා පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මේ අතර ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයකට යමින් සිටි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බලංගොඩ ප්‍රදේශයේ පාසල් සිසුවෙකු හදිසියේ ඇදවැටී මියගොස් තිබෙනවා. 

පොලිසිය පැවසුවේ එම සිසුවා අද උදෑසන විභාග මධ්‍යස්ථානයට යාමට පෙර බලංගොඩ, මාරතැන්න ප්‍රදේශයේ දේවාලයකට යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවයි.

මාරතැන්න රෝහලට ඇතුළත් කරන විටත් එම සිසුවා මියගොස් සිටි බවයි වාර්තා වන්නේ. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here