මහසයුරේ රත්තරන් සමග කළමනාකරුවෙක් කොටු – Saru News Media දේශීය පුවත්

0
15

රුපියල් කෝටි 100 කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ කළමනාකරුවෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුහුදු දඩයක්කරුවන් විසින් ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ ඇම්බර් විදේශිකයන්ට කෝටි ගණනට විකුණන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාටතොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව අවේක්ෂණ නිලධාරීන් යොදවා ලබාගත් තොරතුරුවලට අනුව සිදුකළ වැටලීමේදී එම ජාවාරමේ මහමොළකරු වශයෙන් මෙම කළමනාකරු ක්‍රියාකර ඇති බවට අනාවරණ වූ බවයි සඳහන් වුණේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here