එක්සත් ජාතීන්ට අධිකරණ ඇමැතිගෙන් පැසසුම්

0
13

දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) විසින් අධිකරණමය ක්‍රියාවලිය

වඩා යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා නිරන්තරයෙන් ලබාදෙන සහයෝගය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා පැසසුමට ලක් කර තිබේ.

බොහෝ රටවල මෙන්ම මෙරට බන්ධනාගාරයන් තුළද වඩා වැඩි තදබදයක් ඇති බවත් එම හේතුව නිසා රැඳවියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමේදී ගැටලුකාරී තත්වයකට මුහුණපෑමට සිදුවී ඇති නමුත් එම තත්වය මනාව පාලනය කිරීමට අවශ්‍යකරන යම් යම් ක්‍රියාමාර්ගයන් මේ වන විටත් ගනිමින් පවතින බවයි අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසන්නේ.

ඇමැතිවරයා මෙම අදහස් පලකලේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) විසින් අධිකරණ අමාත්‍යාංශය, ප්‍රජාපාදක විශෝධක දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත රාජකාරී කටයුතු ඉටුකිරීමේදී පහසුකම් සපයාගතහැකි පරිඝණක යන්ත්‍ර පනහක් සහ අවශ්‍යකරන අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදීමට අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

බන්ධනාගාරයන් තුළ තදබදය පාලනය කිරිමට ගන්නා ක්‍රියාමාර්ගයන් සඳහා ඉදිරියටත් අවශ්‍ය කරන සහයෝගය මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC)  වෙතින් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ,  මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර හා අපරාධ වැඩසටහනේ ප්‍රධානී siri Bjune, එම සංවිධානයේ අන්තර් කලාපීය උපදේශක හා කණ්ඩායම් ප්‍රධානී Phillipp Meissner, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණි මෙන්ම අධිකරණ අමාත්‍යාංශය, ප්‍රජාපාද විෂෝදක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

(චතුරංග මේදිස්)

mnzmnc

 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here