විරෝධතා මර්දනයට අමෙරිකානු පොලීසියෙන් දැඩි පියවර

0
18

ගාසා තීරයේ යුද්ධයට සහ ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් මෙන්ම පලස්තීනුවන්ට සහය දක්වමින් අමෙරිකාවේ විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා මර්දනය කිරීමට එරට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

විරෝධතාවලට එක්වූ විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතා පැවති විශ්වවිද්‍යාලවල ඉදිකර තිබූ කූඩාරම් ඉවත් කිරීමටද අමෙරිකානු පොලීසිය පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් අත්අඩංගුවට ගෙන ඇති වරෝධතාකරුවන් ගණන නිශ්චිත වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

නිව්යෝර්ක්, කොලොම්බියා, ඇරිසෝනා, මැඩිසන්, ෆ්ලොරීඩා, ජෝර්ජියා ඇතුළු ප්‍රධාන විශ්වවිද්‍යාල රැසක මෙම විරෝධතා පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here