මහ බැංකුව – IFC සාකච්ඡාවක් – Saru News Media | Sri Lanka Business News

0
20

ජාත්යන්තර මූල්ය සංස්ථාවේ (IFC) ආසියා සහ පැසිෆික් කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි මහතා පසුගිය (03) දා ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවිය.

රටේ සාර්ව ආර්ථික තත්ත්වයන්, බැංකු අංශයේ ප්රතිසංස්කරණ සහ ණය ප්රතිව්යුහගත කිරීමෙහි ප්රගතිය එහි දී සාකච්ඡාවට බඳුන් වූ මාතෘකා විය. 2022 වසරේ දී හටගත් ආර්ථික අර්බුදයේ පටන් ශ්රී ලංකාව අත්කර ගෙන ඇති ප්රගතිය පිළිබඳ ප්රශංසාවට ලක් කළ පුලිටි මහතා, ආර්ථිකයේ වර්ධනය උදෙසා කරනු ලබන ආයෝජන පිළිගැනීමට ශ්රී ලංකාව සූදානම් බව තමා විශ්වාස කරන බව පැවසී ය. ඔහුගේ අදහසට අනුව, ආයෝජන ඉහළ යෑමත් සමග ශ්රී ලංකාවට වර්තමානයෙහි අපේක්ෂිත අනුපාතිකයට වඩා ඉහළ අනුපාතිකයකින් ශ්රී ලංකා ආර්ථිකය වර්ධනය වනු ඇති බව ඔහුගේ අදහසයි.

පුලිටි මහතා සමග දකුණු ආසියාවේ කලාපීය අධ්යක්ෂ ඉමාඩ් ෆකූරි මහතා සහ ශ්රී ලංකාවේ සහ මාලදිවයින් රාජ්යයන්හි කළමණාකරු – ඇලෙජැන්ඩ්රෝ ඇල්වාරෙස් ඩි ලා කැම්පා මහතා ද මේ සඳහා සහභාගී විය. ජ්යේෂ්ඨ නියෝජ්ය අධිපති ඉවට් ප්රනාන්දු මහත්මිය, නියෝජ්ය අධිපති නෙළුමනී දවුලගල මහත්මිය සහ මහ බැංකුවේ ජ්යේෂ්ඨ නිලධාරීන් කිහිපෙදෙනෙක් ද මෙම සාකච්ඡාවට එක් වූහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here