ලිංගේන්ද්‍රියේ පන්දුවක් වැදී ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි ළමයා ජීවිතක්ෂයට (වීඩියෝ) | Saru News Media

0
12

ක්‍රිකට් පන්දුවක් ලිංගේන්ද්‍රියේ වැදීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ හි ලොහේගෝන් ප්‍රදේශයේ 11 හැවිරිදි පිරිමි ළමයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ෂෞර්යා නැමැති මෙම ළමයා තවත් මිතුරන් කිහිප දෙනෙක් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටිය දී පසුගිය සතියේ මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

අදාළ අනතුර සිදුවන ආකාරය අසළ තිබූ ආරක්‍ෂිත කැමරාවක ද සටහන්ව තිබූ අතර, එම සිදුවීමේ වීඩියෝව මේ වනවිට ඉන්දියාවේ සමාජ මාධ්‍ය පුරා සංසරණය වනවා.

ෂෞර්යා පන්දු යවමින් සිටිය දී පිතිකරුවෙක් එල්ල කළ පන්දු පහර ඔහුගේ ලිංගේන්ද්‍රියේ වැදෙන අතර, එම අවස්ථාවේ දී ඔහු සිහිසුන්ව බිම ඇඳ වැටෙන ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

අනතුරුව ඔහුව අසල රෝහලකට ගෙන යෑමට කටයුතු කර ඇති අතර, කෙසේ වෙතත් 11 හැවිරිදි ෂෞර්යාව බේරාගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබී නැහැ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here