මාඋස්සාකැලේ අඩියටම හිදේ…

0
17

මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැසිමත් සමග එම ජලාශයට යටවු පැරනි මස්කෙළිය නගරයේ නටබුන් බොහෝමයක් මතුවි ඇති අයුරු දක්නට හැක.

මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ මෙම ජලාශයේ ජල මට්ටම මෙසේ පහල බැසිමත් සමග මෙම ජලාශය ඉදිකිරිමේදි එයට යටවු පැරනි මස්කෙළිය නගරයේ බුදු රුව, මුස්ලිම් දේවස්ථානය, හිංදු කෝවිල, මෙන්ම මාර්ග පද්දතිය මෙසේ මතුව ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් නිමකරමින් සමහර දිනවල සවස් කාලයේ විටින් විට වැසි පැවතියද එය ප්‍රමාණවත් නොවිම මත මෙම ඡාලාශවල ජල මට්ටම් මෙසේ පහල බසිමින් පවතින බවත් ඒ අනුව 15වන දින සවස වන විට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 39යි අගල් 08ක්ද කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි28යි අගල්06ක් පහලින් පවතින බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here