ආදරය දැනෙන රොමෑන්ටික් චිත්‍රපටි කීපයක්! – Saru News Media

0
55

අපි චිත්‍රපටි බලන්න ආසයිනේ. එතකොට රොමෑන්ටික් චිත්‍රපටි? මෙහෙමයි. සමහරු බලන්න ආසයි, සමහරු ඊට වඩා වෙන වෙන ෂානර වල චිත්‍රපටි, ඒ කියන්නේ විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම, හොල්මන් වගේ චිත්‍රපටි බලන්නත් ආසයි. එතකොට එව්වයේ රොමෑන්ටික් කෑලි නැද්ද? ඇත්‍තටම තියෙනවා. ඒත් අපි මේ රොමෑන්ටික් චිත්‍රපටි කියන්නේ සම්පූර්ණයෙන්ම ආදර කතා පදනම් කරගත්තු, ආදර ඩ්‍රාමා ටයිප් එකේ චිත්‍රපටි. එතකොට ඔය වෙනස් වෙනස් ෂානර වල චිත්‍රපටි බලන කෙනෙක්ට වුණත්, ලස්සනම ලස්සන රොමෑන්ටික් චිත්‍රපටියක් දෙකක් බලලා තියෙන එක, ලස්සන රොමෑන්ටික් චිත්‍රපටි මොනවද කියලා දැනගෙන ඉන්න එක වටිනවා. බැරිවෙලාවත් ගෑණු ළමය කිව්වොත්, “ලස්සන ලව් ස්ටෝරි ෆිල්ම් එකක් කියන්නකෝ මට බලන්න” කියලා, එතකොට රෙකමන්ඩ් කරන්න හරි දැනගෙන ඉන්න ඕනනේ. ආන්න ඒ නිසා, අපි හිතුවා, කෙනෙක්ට ආදරේ කරන්න පෙළඹීමක් ඇති කරන්න තරම් ප්‍රබල ස්ටෝරීස් තියෙන, ලස්සන රොමෑන්ටික් ෆිල්ම්ස් ලිස්ට් එකක් ඉදිරිපත් කරන්න!

Romantic films that you will fall in love with

හොංකො-ප්‍රංස චිත්‍රපටියක් වෙන In the Mood for Love චිත්‍රපටිය ගැන අහලා නැති අය වුණත්, මේ චිත්‍රපටියේ තියෙන මියුසික් නම් කොහෙන් හරි අහල ඇති. ඒ තරමටම හැඟීම් දනවන සුලු මියුසික් තියෙනවා ඒ චිත්‍රපටියේ. මේ චිත්‍රපටියේ කතාවේ ප්‍රධාන චරිත වෙන්නේ විවාහක අසල්වාසීන් දෙදෙනෙක්. කාන්තාවක් සහ පිරිමියෙක්. හැබැයි මේ දෙන්නාම විවාහ ජීවිතයේ සාර්ථකයි කියන්න බෑ. දෙන්නගේම සහකරුවා සහ සහකාරිය වෙනත් සම්බන්ධතාවයන් වල පැටලිලා ඇති කියලා මේ දෙන්නා සැක කරනවා. කොහොම වුණත්, දෙන්නගේම තියෙන සමානකම් ඔස්සේ මේ දෙන්නා අතරතුර බොහොම ගැඹුරු බැඳීමක් ඇති වෙනවා. ඒත් මේ දෙන්නට ඒ බැඳීම කොයි තරම් දුරට අරගෙන යන්න පුලුවන් වෙයිද? විවාහ වෙලා හිටියත් දෙන්නෙක් අතර ඇතිවෙන්න පුලුවන් ගැඹුරු හැඟීම් ගැන බොහොම හදවතට දැනෙන ලෙවල් එකකින් කතා කරන, ඔබ නරඹන්නම ඕන චිත්‍රපටියක් තමයි In the Mood for Love!

Romantic films that you will fall in love with

ටයිටැනික් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ටයිටැනික් ෆිල්ම් එක ආපු කාලේ ඒක උන්මාදයක් වෙලා තමයි නැවතුනේ. ලෙනාර්ඩෝ ඩිකැප්‍රියෝ සහ කේට් වින්ස්ලට් අපි අතරේ අති ජනප්‍රිය වුණෙත් ඔය ෆිල්ම් එකෙන්. ඒ විතරක් නෙවෙයි, මේ ෆිල්ම් එකේ තීම් සෝන්ග් එක ගායනා කරපු සෙලීන් ඩියෝන්වත් අපි අතරේ අති ජනප්‍රිය වුණා. අයිස් පරයක හැපිලා ගිලුණු ඓතිහාසික ටයිටැනික් නැව ගිලී යෑමේ සිදුවීම පාදක කරගත් මේ ෆිල්ම් එකේ දෙන්නගේ සෙක්ස් සීන්ස් එහෙම තිබුණත්, ඇත්තටම අපි ටයිටැනික් බැලුවේ ඒකේ තිබුණු හිතට වදින ආදර කතාව නිසා කියලා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. නැව ගිලිලා අන්තිමට කේට් සහ ලෙනාර්ඩෝ වෙන් වෙන අවසාන දර්ශනය බලලා අඬපු අයත් ඕන තරම් හිටියා.

Romantic films that you will fall in love with

මේකත් බොහෝම ජනාදරයට පාත්‍ර වුණු ආදර කතාවක්. හැබැයි සෑහෙන්න වෙනස් ආදර කතාවක්. ගොඩක් වෙලාවට හොලිවුඩ් ලව් ස්ටෝරීස් වල අපි දකින්නේ කොල්ලා සහ කෙල්ලනේ. හැබැයි මේකේ ඉන්නේ කොල්ලෝ දෙන්නෙක්. ඒත් පිරිමි දෙන්නෙක්ට වුණත් හිතට වදින විදියේ ආදර කතාවක් ඉදිරිපත් කරන්න පුලුවන් කියන එකට හොඳම උදාහරණයක් තමයි Brokeback Mountain කියන්නේ. ගොඩක් වෙලාවට හෝමෝසෙක්ෂුවල් නැතිනම් ගේ රිලේෂන්ශිප් එකක් කියපු ගමන් ගොඩක් දෙනෙක්ට ඔළුවට එන්නේ ඒ සම්බන්ධතාවයේ තියෙන ලිංගික පැතිකඩ. එහෙම වුණත්, මේ ෆිල්ම් එකෙන් ඉදිරිපත් කරනවා ගොපල්ලෝ දෙන්නෙක්, එහෙම නැතිනම් කව්බෝයිලා දෙන්නෙක් අතර ඇතිවෙන බොහොම භාවමය සම්බන්ධතාවයක්. කොහොම වුණත්, මේ දෙන්නටම පෙම්වතියෝ ඉන්නවා. ඒ දෙන්නටම පෙම්වතියෝ එක්ක විවාහ වෙන්න සිද්ධ වුණහම තමයි මේ දෙන්නගේ සම්බන්ධය සංකීර්ණ වෙන්නේ. මේකත් නැරඹිය යුතුම චිත්‍රපටියක්.

Romantic films that you will fall in love with

මේ කියන්න යන Before චිත්‍රපටි ත්‍රිත්වය කියන්නේ, හොලිවුඩයෙන් දායාද වුණු එතෙක් මෙතෙක් බිහිවුණු විශිෂ්ටතම රොමෑන්ටික් චිත්‍රපටි අතුරින් එක සෙට් එකක් විදියට බය නැතුව හඳුන්වන්න පුලුවන්. Before Sunrise (1995), Before Sunset (2004), Before Midnight (2013) චිත්‍රපට ත්‍රිත්වය ආරම්භ වෙන්නේ බුඩාපේස්ට් වලින් පටන් ගන්න දුම්රියේදී මුණගැහෙන තරුණයෙක්ගෙන් සහ තරුණියකගෙන්. මේ දෙන්නා අතර ක්ෂණයකින් ඇතිවෙනවා වචනයෙන් විස්තර කරන්න අසීරු තරමේ ආකර්ෂණයක්. ඉන්පස්සේ වියානා වල එකට හිරු උදාව වෙනකල් රොමාන්තික දිනයක් ගත කරන මේ දෙන්නා අතර දීර්ඝ කාලීන සබඳතාවයක් ඇතිවෙයිද? එහෙම නැතිනම් මේ දෙන්නා වෙන් වෙලා යයිද? ඒකට පිළිතුරු තියෙනවා චිත්‍රපට ත්‍රිත්වයේ ඊලඟ චිත්‍රපටි දෙකේ. මේ චිත්‍රපට තුන දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට, දින කිහිපයක් පමණක් ඔස්සේ විහිදෙන මේ ආගන්තුකයෝ දෙන්නගේ අපූරු රොමාන්තික සම්බන්ධතාවය ගැන කතා කරනවා.

Romantic films that you will fall in love with

ආදරයක් ඇතිවෙන්න පුලුවන් මිනිස්සු දෙන්නෙක් අතර විතරද? මිනිහෙක් සහ කෘත්‍රිම බුද්ධියක් අතර ආදරයක් ඇතිවෙන්න බැරිද? එහෙම අපෙන් අහන Her චිත්‍රපටිය ඇත්තටම විද්‍යා ප්‍රබන්ධයක් විදියට හඳුන්වන්න අමාරු තරමටම, ආදරය ගැන බොහොම ලයාන්විත සහ ගැඹුරු කතාවක් අපිට කියනවා. තමන්ගේ පෙම්වතිය අහිමි වුණාට පස්සේ තනිකඩ හුදෙකලා ජීවිතයක් ගෙවන, ජොබ් එකට ලව් ලෙටර් ලියන ලේඛකයෙක් වෙන තියඩෝර්ගේ ජීවිතයට එන අළුත්ම ආගන්තුකයා වෙන්නේ කෘත්‍රිම බුද්ධියක් වෙන කම්පියුටර් ඔපරේටින් සිස්ටම් එකක්. නම සමන්තා. හැබැයි සමන්තාගේ පෞරුෂත්වයත් එක්ක දෙන්නා ඉතාම ඉක්මනට සමීප වෙනවා. සමන්තාට ශරීරයක් නැති එක ප්‍රශ්නයක් නොවෙන තරමට මේ දෙන්නා ආදරයෙන් බැඳෙනවා. ඒත් ඒ ආදරය කොයි තරම් කල් පවතියිද? සමන්තාට තියඩෝර් ප්‍රමාණවත් වෙයිද? තියඩෝර්ගේ ජීවිතය කොයි විදියට වෙනස් වෙයිද?

Romantic films that you will fall in love with

අපි මීට කලින් ක්ලින්ට් ඊස්ට්වුඩ්ව දැනගෙන හිටියේ වෙස්ටර්න් ස්පැගටි ෆිල්ම්ස් වල කව්බෝයි කෙනෙක් සහ ඩර්ටි හැරී ෆිල්ම් වල හිටපු නාහෙට නාහන පොලිස් කාරයෙක් විදියට විතරයි. හැබැයි 1995 දී ක්ලින්ට් ඊස්ට්වුඩ් රොමෑන්ටික් ෆිල්ම් එකක් අධ්‍යක්ෂණය කරන්න අතගහනවා. ඒකට හොලිවුඩ් වල බොහෝ දෙනෙක් හිනාවෙනවා, තුවක්කු එක්ක රඟපාපු ක්ලින්ට් මොනවද ආදරේ ගැන ෆිල්ම් එකක් කරන්න දන්නේ කියලා. හැබැයි ක්ලින්ට් ඊස්ට්වුඩ් අධ්‍යක්ෂණය කරපු, ක්ලින්ට් සහ මෙරිල් ස්ට්‍රිප් රඟපාපු මේ Bridges of Madison County චිත්‍රපටිය එදා මෙදා තුර නිර්මාණය වුණු අපූරුම ආදර කතාවක් විදියට මිනිස්සු පිළිගන්නවා. මේ ආදර කතාව ගලාගෙන යන්නේ, අයෝවා වල මැඩිසන් කවුන්ටි හරහා යන ඡායාරූප ශිල්පියෙක් සහ, අයෝවා වල ගොවිපොළක ජීවත් වෙන විවාහක බිරිඳක් වටා. මැඩිසන් කවුන්ටි වල පාලම් වල ඡායාරූප ගන්න එන මේ ඡායාරූප ශිල්පියා සහ විවාහක බිරිඳ අතර නොහිතන විදියේ ආදරයක් ඇති වෙනවා. ඒ ආදරය දවස් හතරකින් අවසාන වුණත්, ඒ ආදරය මේ දෙදෙනාගේ මරණයෙන් පසුවත් පවතිනවා.

Romantic films that you will fall in love with

මේ කතාව ආරම්භ වෙන්නේ, ඩිමෙන්ෂියා හැදිලා මතකය නැති වෙලා තියෙන කාන්තාවකට රොමෑන්ටික් ස්ටෝරි එකක් කියවන මනුස්සයෙක්ගෙන්. මේ කතාවේ තියෙන්නේ ධනවත් තරුණියක් එක්ක ආදරයෙන් බැඳෙන දුප්පත් තරුණයෙක් ගැන. ඒත් මේ දුප්පත් තරුණයාගේ සහ ධනවත් තරුණියගේ ආදරයට තරුණියගේ දෙමාපියන් කැමති වෙන්නේ නෑ. හේතුව දෙන්නා අයිති වෙන සමාජ පංති දෙක අතර තියෙන පරතරය. කොහොම වුණත් මේ තරුණියට දෙමාපියන් එකක් නිව්යෝර්ක් වලට එන්න සිද්ධ වෙනවා. දෙන්නගේ ජීවිත පාරවල් දෙකක ගලාගෙන යනවා. කොහොම වුණත් මේ දුප්පත් තරුණයා ඇයට දවසට එකක් බැගින් අවුරුද්දක් ලියුම් ලියනවා. ඒත් තරුණියගේ අම්මා ඒවා තරුණියට ලබාදෙන්නේ නැතුව ඉන්නවා. මේ අතරේ දෙවෙනි ලෝක යුද්ධය ආරම්භ වෙනවා. යුද්ධයෙන් පස්සේ තරුණිය තවත් තරුණයෙක් එක්ක විවාහ ගිවිස ගන්නවා. ඒත් දෛවෝපගතව තරුණිය තමන්ගේ පළමු පෙම්වතාව මුණගැහෙනවා. එතනින් එහාට මේ දෙන්නගේ ජීවිත කොයි විදියට වෙනස් වෙයිද? ඩිමෙන්ෂියා හැදිලා මතකය නැතිවෙලා ඉන්න කාන්තාව කවුරුන්ද? ඇයට ආදර කතාවක් කියවන මනුස්සයා කවුරුන්ද?

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here