යොහානිටත් පෙර ලෝකයේ ජනප්‍රිය වුනු ලාංකික තරු – Saru News Media

0
54

මැණිකේ මගේ හිතේ ගීතය ලංකාවේ වගේම ලෝකයේ පොඩි දරුවන් අතරත් ඉතා ජනප්‍රියත්වයට පත් වුනු ගීතයක් කියල අපි දන්නවා. ඉතින් ලෝකයේ ජනප්‍රිය වුනු ලාංකික තරු ගැන කතා කරන කොට යොහානි ගැනත් කතා නොකරම බෑ. ඇය ජනප්‍රියත්වයට පත්වුණේ මැණිකේ මගේ හිතේ ගීත නිසා. ඇයගේ මැණිකේ ගීතයට රියැක්ෂන් ගීත විශාල ප්‍රමාණවක් මේ වෙද්දි හැදිලත් ඉවරයි. ඇමරිකාව, යුරෝපය, ආසියාව අප්‍රිකා වගේ රටවල මෑත කාලයේ ජනප්‍රිය වුනු ඇය ගැන අපි දන්නවා. නමුත් ගොඩක් දෙනා නොදන්න වගේම මේ වන විට ලෝකයේ තවත් ජනප්‍රිය වුනු ලංකාවේ තරු ගැනත් අපි කතා කරමු.

NGR කියන නමත් එක්කම මොහුට සමාන ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුනු නලුවා තමයි ගාමිණී ෆොන්සේකා. ඉතින් ගාමිණී ලංකාවේ ජනප්‍රිය වුනා වගේම ලංකාවේ අපේම රටේ ඉපදුනු දකුණු ඉංදියාවේ ජනප්‍රිය වුන ඉතාම කඩවසම් නලුවෙක් තමයි NGR කියන්නේ.

ඔහු ඉපදුනේ 1917 ලංකාවේ නාවලපිටියේ. ඔහු ඉංදියාවේ NGR නමින් ජනප්‍රිය වුනත් ඔහුගේ නම මරුතන් ගෝපල රාමචන්ද්‍රන්. අම්මා ඉන්දීය දෙමළ කාන්තාවක්. ඔහුට වයස දෙකහමාරේදී විතර ඔහුගේ පියා මිය යනවා. මේ නිසා ඔහුගේ මව ඔහුත් එක්ක ඉන්දියාවේ තමන්ගේ නෑදෑයන් වෙත යනවා. කුඩා කාලයේ සිටම ඉතාමත්ම දක්ෂ දරුවෙක්. ඔහු රංගනයට, ගායනයට ඉතා දක්ෂයි.

1936 තමයි දකුණු ඉංදීය සිනමාවට එන්නේ. එකල ඉතා ජනප්‍රිය නලුවා වෙන්නෙත් ඔහු. ඒ විතරක් නෙමෙයි ඔහු 1977දී තමින්නාඩුවේ මහ ඇමති දක්වා දීර්ඝ දේශපාලන ජීවිතයකට ගිය පුද්ගලයෙක්. ඔහු 1987 මිය ගියා.

මාරි ටූ චිත්‍රපටයේ “රව්ඩි බේබි” ගීතය ලෝකය පුරාම ඉතා ජනප්‍රිය වුනා. ඉතින් දකුණු ඉන්දියාවේ ආදායම් වාර්ථා රැසක් තියපු මේ ගීත ධනුෂ් එක්ක ගායනා කලේ ලංකාවේ ඉපදුනු දීක්ෂිතා වෙන්කඩේෂන්.

ඇය 1998 යාපනයේ ඉපදුනේ. පස්සේ ඕස්ට්‍රේලියාවට පදිංචියට ගියා. ඇයගේ මවගේ දෙවන විවාහයේ සැමියා වුනු සන්තෝෂ්නාරායන් නිසා තමයි ඇය ගීත ගායනයට එන්නේ. ඇය 2012 සංගීත ජීවිතයට අඩිය තිබ්බා. ඔයාල අපි දන්න 2013 තිරගත වුනු Pizza ll දමිළ චිත්‍රපට තමයි ඇය මුල්ම සිනමා ගීතය ගායනා කලේ. ඇය දකුණු ඉංදියාවේ ආදායම් වාර්ථා රැසක් තැබූ සිනමා පට රැසක් ගීත ගායනා කරා.

“රව්ඩි බේබි” ගීතය සඳහා හොඳම ගායිකාව හිමි සම්මානය ලැබුණා. මැඩ්රාස්, කබලෙ, ගුරු, වැනි ජනප්‍රිය වුනු චිත්‍රපට සඳහාත් ඇය තමයි ගීත ගායනා කලේ. ෆිල්ම්ෆෙයාර් සම්මාන සඳහාත් ඇගේ ගීත නිර්දේශ වෙලා තියෙනවා.

මේ වෙනකොටත් ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය “කැදැල්⁣ලෙ ඇතිවූ කිරිල්ලී වගේ” ගීතයේ මුල් ගායිකාව වෙන්නේ ඇය. ඇයත් ලංකාවේ ඉපදුනු අපේම කෙනෙක්. ඇය කොළඹ ශාන්ත බ්‍රිජට් කණ්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක්. ඇය 60 දශකයේ ඉතාම ජනප්‍රිය වුනා.

ඇය ගායනා කල ඉංග්‍රීසි ගීත ලෝකයේ අදටත් ජනප්‍රියයි. ඒ වගේම එංගලන්තයේ AM Records සමාගම සමග ගිවසුම් වලට එන්න පවා ඇය පෙළඹිලා තියෙනවා මේ ජනප්‍රියත්වය නිසාම. ඇය ජාත්‍යන්තර සම්මාන වලින් පවා පිදුම් ලැබුවා.

ඇය ලංකාව තුළ මුලින්ම කතා බහට ලක් වුනේ 1955 දී ලංකාවේ දෙවන රූ රැජින බවට පත් වුන නිසා. මේ කාලයේදීම මිස් යුනිවර්ස් තරගයට සහභාගි වුනු ඇය එහිදී 3 වෙනියා බවට පත්වෙනවා. මේ නිසා හොලිවුඩ් ජනප්‍රියම රංගන ශිල්පිනියක් නිරූපිකාවක් බවට පත් වුනා. ඇයගේ ජනප්‍රියත්වය නිසාම ඇය 1958 ගන්ෆීවර් හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා. ලංකාවේ හොලිවුඩ් ජයගත්ත පළමු නිළිය ඇය යි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here