මාකොල සුද්දා සහ තවත් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01ක් සමඟ STF අත්අඩංගුවට

0
6

මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත් මාකොල සුද්දා නැමත්තා සහ තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 22කට අධික ප්‍රමාණයක් සමඟින්.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව කඩවත – කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසලදී සැකකටයුතු මොටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු අනතුරට ලක්කර මාකොල සුද්දා නැමැති සැකකරු පලායාමට උත්සාහ කර තිබෙනවා.

එම මෝටර් රථය අධිවේගී මාර්ගයේ විශේෂ සේවා දොරටුවෙන් පලායාමට උත්සාහ දරා ඇති අතර මෝටර් රථයේ ටයරයක හුළං බැසයාම හේතුවෙන් සැකකරු මෝටර් රථයෙන් පැන අධිවේගී මාර්ගයේ දිව යද්දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එහිදී සැකකරුගේ මෝටර් රථයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 650ක් සොයාගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ තොටලග, වේල්ලවත්ත පිවිසුම අසලදී තවත් සැකකරුවෙකු අක්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01ට අධික ප්‍රමාණයක් සොයාගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.

එම මෙහෙයුමේදී මෝටර් රථයේ අනතුරට ලක්වූ විශේෂ කාර්ය බලකායේ නිලධාරියා රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.    
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here