ශ්‍රීලංකන් ගුවන් සේවයේ සත්කාරකත්වයෙන් ‘oneworld Business Resilience and Safety Best Practice’ රැස්වීම කොළඹදී පැවැත්වේ – Saru News Media | Sri Lanka Business News

0
8

ශ්‍රීලංකන් ගුවන් සේවය oneworld ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු වශයෙන් තම සත්කාරක දායකත්වය ලබාදුන් ‘oneworld Business Resilience and Safety Best Practice’ කණ්ඩායම් රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණි.

oneworld සන්ධානයේ සාමාජිකයන් විසින් මෙලෙස වසරකට දෙවතාවක් තෝරාගත් ගුවන් සේවයක මවු රටේදී මෙම රැස්වීම පවත්වනු ලබන අතර, මෙවර එම රැස්වීම පැවැත්වීමේ ගෞරවය ශ්‍රී ලංකාව වෙත හිමි විය.

මෙවර රැස්වීමට ගුවන් සේවාවන් 11 ක නියෝජිතයන් සහභාගී වූ අතර, එය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සම්බන්ධතා නවතම ප්‍රවණතා සහ ක්‍රමවේදයන් සාකච්ඡා කිරීමට ලැබුණු අනගි අවස්ථාවක් විය.

එමෙන්ම තම සංචාරය අතරතුර කොළඹ නගරයේ සුවිශේෂී සහ සුන්දර ස්ථාන රැසක් දැකබලා ගැනීමටද මෙම නියෝජිතයන්ට අවස්ථාව ලැබිණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here