ආණ්ඩුව විසින් මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජනතාවට සහන ලබාදීම ජනතාව රැවටීමක් හා මුළා කිරීමක් බව ජාතික ජන බලවේග විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණය අවසන් වූ පසු ජනතාවට තිබුණාටත් වඩා දුෂ්කරත හා ප‍්‍රශ්ණවලට මුහුණ දීමට සිදුවනු ඇති බවය.
“ආණ්ඩුව හැමදේම කරන්නේ ඔවුන්ගේ වාසියට. වතු කම්කරු වැටුප වැඩි කරන්න රටේ නීතියක් තියෙනවා. වෘත්තිය සමිති හා හාම්පුතුන් කියන දෙපාර්ශ්වයේ සාමූහික ගිවිසුමකට අනුවයි එය කළ යුත්තේ.
එහෙම නැතුව මැතිවරණයක් ආසන්නයේ වැටුප් වැඩි කරන්න කිව්වම හාම්පුතුන්ගේ සංගමය දැන් වෙඩිමුරය පත්තු කරලා අධිකරණය හමුවට යනවා. ඒවා ඇදි ඇදී යනකොට වතු කම්කරුවන්ගේ පැත්තට මතයක් හදනවා ආණ්ඩුව වැටුප් වැඩිකරන්න කැමතියි, සමාගම් තමයි අකැමැති කියලා.
එතකොට මිනිස්සු තරහ වෙන්නේ ආණ්ඩුව එක්ක නෙවෙයි සමාගම් එක්ක. මේවා මැතිවරණ උපක්‍රම ලෙසයි ආණ්ඩුව පාවිච්චි කරන්නෙ ‘‘
Saru FM Media