මිනිස්සු කසාද බඳින්නේ ඇයි? – Saru News Media

0
10

අවුරුදු 18-20 වගේ කාලෙදි කසාද බඳින්න කවුරුවත් කැමති නැහැ. ඒත් විසිපහ තිහ පනිනකොට කසාදයක් කරගන්න ඕනි කියන එක සිතුවිල්ලක් විදිහට කලාතුරකින් හරි හිතට එනවා. දැන් දැන් කසාද නොබැඳ ජීවත් වීම ගැන චීනය, ජපානය සහ අපේ රටෙත් කතා බහ ඇතිවෙනවා. ඒත් ජීවිතය සම්පූර්ණ වෙන්න කසාදයක් ඕනි කියන අදහස තරුණ තරුණියන්ට නැතත් දෙමාපියන්ට, ඥාති හිතමිත්‍රාදීන්ට තියෙනවා. විවිධ විවිධ මතිමතාන්තර ගොඩක් අතරේ අපි බලමු ඇයි මිනිස්සු කසාද බඳින්නේ, කසාද බැන්දම මොනාද මුහුණ දෙන්න වෙන අත්දැකීම් කියලා. 

 

දෙන්නෙක් කසාද බැඳීමත් එක්ක එතැන අලුතින් පවුල් ජීවිතයක් ආරම්භ වෙනවා. ඒ එක්ක වෙනදාට වඩා වගකීමෙන් වැඩි සාමූහික කාර්යයක් ජීවිතයට එකතු වෙනවා. තනිකඩ කෙනෙක්ට වඩා සමාජයේදී කසාද බැඳපු කෙනෙක් ගැන සමාජය සීරියස් හිතනවා වැඩියි. කොටින්ම සම්මුඛ පරීක්ෂණ ආදියෙදි වුනත් මැරීඩ් ද කියලා අහන්නේ වගකීම් සහගත බව මැරීඩ් අය තුළ ටිකක් වැඩි නිසා. දෙන්නෙක් එක්ක එකතු වෙලා, පවුල් දෙකක් එකතු වෙලා කරන විවාහය කියන දේ තුළින් සමාජීය වටිනාකමකුත් ජීවිත වලට එකතු වෙනවා.

 

තනිකඩ පුද්ගලයින්ට වඩා බැඳපු අයගේ වියදම් වැඩියි. ඒ එක්ක අලුත් අලුත් රැකියා අවස්ථාවන්, අලුත් උසස්වීම්, රැකියා ස්ථානය වෙනස් කිරීම් වගේ වෘත්තීය ජීවිතයේ පිළිවෙලක් කරගන්නට බැඳපු අය උත්සාහ ගන්නවා. තනිකඩ කාලේ කරන ජොබ් එක කරගෙන පාඩුවේ කූල් එකේ ජීවත් වුනාට පවුල් වීමත් එක්ක ඊට වඩා එහාට ජීවිතය ගැන, රැකියා පරිසරය ගැන සැලසුම් කරන්න බැඳපු අය උත්සාහ ගන්නවා.

 

තනිකඩ රටාවට වඩා බැන්දාම අපේ අවකාශය පවා වෙනස් වෙනවා. වෙනදා කාමරේ හැඩි කරගෙන හිටපු පිරිමින්ට වුනත් කසාද බැන්දාට පස්සේ ටිකක් පිළිවෙලට ඉන්න සිද්ද වෙනවා. කොච්චර තද ගති තියෙනෙ කෙනෙක්ට වුනත් අලුත් කසාද ජීවිතේ එක්ක පෑහෙන්න නම් ඒ සඳහා කැපකිරීම් කරන්න වෙනවා. ඒ එක්ක එතෙක් තිබුන ඥාති මිත්‍ර සබඳකම්, විනෝද වැඩ, චාරිකා යෑම් ආදී ගොඩක් දේවල් කසාද ජීවිතයට අනුව හැඩගස්වාගන්න සිදු වෙනවා. ඇතැම් වෙලාවට කසාද බැඳපු කාන්තා පාර්ශවය පොඩි බහින්බස්වීමක් වුනත් තමුන් හමුවෙන්න කලින් පිරිමියා වනචාරී ගෝත්‍රිකයෙක් විදිහට ජීවත්වුන බවත්, තමුන් විසින් ඔහුව සමාජයට ගත් බවත් කියන්නට ආසයි. එහි සම්පූර්ණයෙන්ම සත්‍යයක් නැති වුනත් යම්තාක් දුරකට හෝ වඩාත් ශිෂ්ට වෙන්න, වඩාත් සමාජශීලී වන්න කසාදයෙන් පස්සේ ඉඩකඩ ලැබෙනවා. 

 

අපිට වඩා බොහොම නිදහස් වටපිටාවක් තියෙන ඇමරිකාවේ පවා කසාද බඳින්නේ නැති අයට වඩා කසාද බැඳපු අය ලිංගිකව සතුටු වෙනවා කියලා සොයාගෙන තියෙනවා. කුමන ක්‍රමයට හෝ ලිංගික සැපයක් කලාතුරකින් තනිකඩ කෙනෙක්ට ලැබුනත් බොහෝ අයට ලිංගික ජීවිතයේ අවශ්‍ය කරන හොඳ පිනුම් ගහන්නට කසාදයෙන් පස්සේ තමයි හොඳ අවකාශ ලැබෙන්නේ. අතන මෙතන හමුවී හදිසියේ ලිංගික හැසිරීම් දක්වනවාට වඩා ආදරණීය බැඳීමක් විවාහ ලිංගික ජීවිතයේ මුල් කාලේ තියෙනවා කියලා තමයි පර්යේෂකයින් කියන්නේ. ඒත් කාලෙත් එක්ක ලිංගික දේ ගැන තියෙන ආසාවත් කසාද ජෝඩු අතරත් අඩු වෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here