ආදරවන්තයින් කිහිප දෙනෙකු සිටීමේ අරුම පුදුම වාසි – Saru News Media

0
7

රිලේශන්ෂිප් එහෙම නැතිනම් සම්බන්ධතා කියන දේ අද වෙද්දි ඉස්සරට වඩා සංකීර්ණ වෙලා. අද වෙද්දි එක් අයෙකුට එක් සහකරුවක් කියන සංකල්පය ඉරි තැලෙන්නට පටන් අරන් තියෙනවා. ආගමික දෙසුම් වල කොපමණ එක් සහකරුවෙක් සමග සිටීමේ වාසි ගැන කිව්වත් සමාජය දිහා බැලුවාම එය එසේ නොවන තැන් බොහෝමයි. සමහර අය ප්‍රසිද්ධියේම කිහිප දෙනෙක්ට ආදරය කරනවා. තවත් අය ලොවට හොර රහසේ තවත් සම්බන්ධකම් පවත්වා ගන්නවා. ලොවට හොරා කිව්වට ඇතැම් ඒවායේදි සිදුවන්නේ එක් පාර්ශවයකට සම්බන්ධතාවය සැඟවීම පමණයි. ඒ කෙසේ වෙතත් ලෝකේ කොයි කෙළවරේ බැලුවත් සියයට සියයක්ම එක් සහකාරයෙක් සහකාරියක් එක්ක විතරක් ජීවත්වෙන සමාජ නැහැ.

කොයි කොයි සමාජයෙත් අනියම් සම්බන්ධතා හෙවත් එක සහකරුවෙකුගෙන් සෑහීමකට පත් වෙන්න බැරි අවස්ථා තියෙනවා. ප්‍රංශ රටේ ජෝඩු වලින් විශාල සංඛ්‍යාවක් අනියම් සම්බන්ධතා පවත්වනවා. ඇමරිකාවේ විවාහ වෙන අයගෙන් 50%ක්ට ආසන්න ප්‍රමාණයක් දික්කසාද වෙනවා. බටහිර මූලික වුණු මේ පවුල් අවුල් දැන් ඉන්දියාවේ හෙමත් සැරටම පැතිරගෙන යනවා. ඉතින් අපි මේ කියන්න යන්නේ එක් සම්බන්ධතාවයකින් ලබාගත හැකි ප්‍රයෝජන ගැන තවත් එක බණක් නම් නෙමෙයි. මේ එහෙම සම්බන්ධකම් කිහිපයක් තියෙන එකේ වාසි මොනවාද කියලා බලන්නයි අපි සැරසෙන්නේ.

 

ආදරය කරන කාලේ එකට ඉන්න ප්‍රාර්ථනා කළත් ආදරය කරන කාලය තුළ එක් වරක් හෝ සිත වෙනස් වීම සාමාන්‍ය දෙයක්. සිත වෙනස් වී කොහේ හෝ ඇලුණු පළියටම සම්බන්ධතාවක් ඇති වන්නේ නැහැ. ඒත් ආදරය බිඳ වැටීම්, අදහස් නොගැලපීම් රණ්ඩු දබර අවස්ථාවල දී ආදරයට බැකප් ඉබේම පහළ වෙනවා. ගොඩක් වෙලාවට අපිට ආසන්නයේම ඉඳන් දුක අහන්න ඉන්න කෙනාට ඊළඟ ආදර කතාවට මුල පුරන්න යෂ්ටිය හම්බෙනවා.

කසාද බැන්දා කියන්නේ සමහරන්ට තවත් එක ආගමික ධ්‍යානයකට සම වැදීමක් නෙමෙයි. එය හුදෙක් නීතිමය බැඳීමක් විතරයි. ඉතින් කසාද ජීවිතේදිත් සමහර අය පෙර ආදර පළපුරුද්ද පාවිච්චි කරලා තවත් සම්බන්ධකම් වලට එළඹෙනවා. ඒ කොහොම වුනත් ලංකාව වගේ රටකදි නම් ප්‍රසිද්ධියේ තවත් පෙම්වතියක්, පෙම්වතෙක් තියාගන ඉන්න අවස්ථා බොහොම අඩුයි. ඒත් බටහිර රටවල නම් එකකට වැඩි සහකරුවන්, සහකාරියන් සමග ජීවත්වීම කියන සංකල්පය දැන් යම් තාක් දුරකට ජනප්‍රිය වේගෙන යනවා.

 

කෑම හෝ වේවා විනෝද ක්‍රියා හෝ වේවා අපේ සහකරු ​හෝ සහකාරිය කැමති දේවල් තියෙනවා. ඔහු කැමති අල වලට නම් හැමදාම අපිට අලම කන්න වෙනවා. ඇය කැමති රොමැන්තික ෆිල්ම් වලට නම් හැමදාම අපිට රොමැන්තික ෆිල්ම් බලන්න වෙනවා. අලුත් පෙම්වතියක්/ පෙම්වතෙක් කියන්නේම අලුත් අත්දැකීම් ගොඩක්. අලුතින් හිතන්න අලුත් විනෝදාංශ එකතු කරගන්න වගේම අලුත් ලයිෆ් ස්ටයිල් එකක් අපිට කනෙක්ට් වෙනවා. ඒකත් එක්ක මෙතෙක් ජීවිතේ කියාලා අපි හිතාගෙන හිටිය සීමාව පළල් වෙන්නට ගන්නවා.

 

ඔයාගේ පාට්නර් ටිකක් කම්මැලි කෙනෙක් නම් ඔහු එක්ක කඳු නැගීම ට්‍රෙකින් යාම වගේ දේවල් කරන්න අමාරුයි. ඒ වගේම වතුරට ආස නැති කෙනෙක් නම් බීච් එකට ගිහින් ආතල් එකේ කාලයක් ගත කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ වගේ අයට එක්ස්පීරියන්ස් එකතු කරගන්න හැකිවෙනවා අලුත් කෙනෙක් එක්ක සම්බන්ධ වුනොත්. නිතර පිංදහම් කරන්න කමැති යාළුවෙක්ට නිතර පින් දහම් කරන යාළුවෙක් ජීවිතේට සමීප වුනොත් එය එලොව දියුණුවට වගේම මෙලොව සතුටටත් වැදගත් වෙනවා. අපිට එක්ස්පීරියන්ස් වගේ දෙයක් පොතක් කියවලා හෝ වීඩියෝ එකකින් ගන්න බැහැ. ඇය හෝ ඔහු ජීවත්වෙන ලයිෆ් ස්ටයිල් එකේදි ඔහුට, ඇයට වඩාත් ලේසි පහසුවෙන් කරන්න හැකි දේවල් ටික කලකින් අපිටත් සමීප වෙනවා.

 

ඔෆිස් යනවා, කෝච්චියේ බස් එකේ එනවා මේකද ජීවිතේ? ක්ලාස් යනවා, කැම්පස් යනවා මේකද ජීවිතේ? කුඹුරට යනවා පොළට යනවා මේකද ජීවිතේ? ආදී වශයෙන් මේකද ජීවිතේ කියලා ජීවිතේ තියෙන ඒකාකාරී බව ගැන අපිට කළකිරීමක් ඇතිවෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ බෝරින් ලයිෆ් එකට ඒ ජාතියේම බෝරින් පාට්නර් කෙනෙක් අලුතින් එකතු වුනොත් එතනදි අපිට ඒ බෝරින් කම ගැනම වැඩිදුර සාකච්ඡා කරලා අලුත් සම්බන්ධතාවයකට යන්න පුළුවන්කම ලැබෙනවා. ලංකාවේ කෝච්චි බස් වල හැමදාම එකට වැඩට යන අය අතර මේ විදිහේ එදිනෙදා ප්‍රශ්නම කතාකරලා සෙට් වුන අලුත් ජෝඩු ඉන්නවා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here