මිලියන ගණනින් මිනිස් ජීවිත අහිමි කරමින් ලෝක ඉතිහාසය සෙලවූ මහා සාගත – Saru News Media

0
12

දැනට ලෝකයේ ජනගහ​ණය ආසන්නව බිලියන අටකි. මේ බිලියන අටක ජනතාවට අවශ්‍ය පහසුකම් සලසාගැනීම යනු අභියෝගයකි. අද විද්‍යාව හා තාක්ෂණය දියුණු නිසා ආහාර සපයා ගැනීම වඩාත් පහසු වී තිබේ. එහෙත් මීට දශක ග​ණනාවකට පෙර ආහාර නිෂ්පාදනය මේ තරම් දියුණු නැත. එකල සාගත හේතුවෙන් මිනිසුන් මිය ගියේ දශ ලක්ෂ ග​ණනිනි. කෙතරම් තාක්ෂ​ණය දියුණු වුවද හදිසියේ ඇති විය හැකි විපර්යාස ආදිය නිසා පෘථිවියේ ඕනෑම තැනක වැසියන් පිරිසකට ආහාර, ජලය මදිපාඩු විය හැකිය. යුද්ධ, කැරළි කෝලහාල, මෙන්ම කාලගුණ විපර්යාස හේතුවෙන්ද මහා සාගත ඇතිවී තිබෙන බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනේ.

 

වර්ග සැතපුම් 296,000ක් පුරා පැතිරී ගිය රාජ්පුටානා සාගතය නිසා මිනිසුන් මිලියන 44ක් පමණ විපතට පත් වූහ. ස්වභාවයෙන්ම රාජස්ථානයේ වියලි කලාපයට අයිති රාජ්පුටානාවට 1868 මෝසම් වැස්ස ප්‍රමාද විය. ලැබුන වැසි ප්‍රමාණයද අඩුය. එසේම 1869 දීද මෝසම් වැස්ස වගා කටයුතුවලට ප්‍රමාණවත් නොවීය. කිරිවදිමින් තිබූ වගාවන්ට කණකොකා හ​ඬන්නට විය. වර්​ෂයක් පුරාවටම තිබූ මේ සාගතය 1870 දී අවසාන විය.

 

රුසියානු සාගතය නිසා ලක්ෂ විස්සක් හෙවත් මිලියන දෙකක පමණ ජනතාවක් මිය පරළොව ගියායැයි සැලකේ. උත්තර ධ්‍රැවය ආසන්න රටක් වන රුසියාවේ 1600 වර්​ෂයේ ශීත කාලය දැඩි විය. පීරු රටේ දී විදාරණය වූ හ්​වයිනපුටිනා ගිනි කන්දේ අලු මෙට්‍රික් ටොන් ග​ණනක් සල්ෆර් ඩයොක්සයිඩ් සමග වාතයට එකතු විය. මෙම සල්ෆර් ඩයොක්සයිඩ් සහ රසායනික අඩංගු දූවිලි වලාව ලොව පුරා කාලගුණ විපර්යාස ඇතිකරන්නට විය. එයින් නරකම බලපෑම සිදුවූයේ රුසියාව, පෝලන්තය, ලිතුවේනියාව වැනි රටවලටය. එයින් රුසියානු කලාපයේ සාගතය වර්​ෂයකට වඩා පැවති අතර එයින් විශාල පිරිසක් අවතැන් වූ​හ.

 

මහා පර්සියානු සාගතය මිලියන 2කට ආසන්න ජනතාව​කගේ ජීවිත ගිලගත්තේය. ​මේ සාගතයට හේතුව නිය​ඟය විය. මේ නිය​ඟය හේතුවෙන් පර්සියාවේ එවකට සිටි මිනිස්සු මෙන්ම සතුන්ද පීඩාවට පත් විය. 1871දි ඇදහැළුණු වැස්ස හේතුවෙන් එම නියංසාය දුරුවී සාගත තත්ත්වය අවසාන විය.

 

දෙවන ලෝක යුද්ධයේ අවි වලටත් වඩා ප්‍රබල වූ සාධකයක් ලෙස ඉතිහාසඥයෝ සාගතය දක්වති. ජපානය විසින් ජාවා රට හෙවත් දැනට ඉන්දුනීසියානු කලාපය යටත් කරගත්තේය. දැඩි ලෙස වද දෙමින් ඉන්දුනීසියානුවන් පෙලූ ජපන්නු ඉන්දුනීසියානු සාමකාමී ගොවි ජීවන රටාව උඩු යටිකුරු ක​ළෝය. ඒ හේතුවෙන් එවකට ජාවා රටේ ජීවත් වූ ජනතාව බොහොමයක් සාගතයෙන් පීඩාවට පත් වූ​හ. එම පිරිස මිලියන 2.4ක් යැයි සැලකේ. ජර්මානු අන්තයට වඩා දෙවන ලෝකයේ ජපාන අන්තයේ සාගත තත්ත්වය දරුණු විය. ඇතැම් පැසිෆික් දුපත් වල සිර වූ ජපාන සොල්දාදුවන් පවා නිසි ආහාර සැපයුම් නොමැතිව දුකසේ මිය පරලොව ගිය​හ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here