මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරයේ පැසසුමට – Saru News Media උණුසුම් පුවත්

0
15

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව තිබෙනවා.

ඉදිරි වසර තුන තුළ මෙරට බිම් බෝම්බවලින් තොර රටක් බවට පත්කිරීම රජයේ අරමුණයි.

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ මානුෂවාදී බිම් බෝම්බ පිටුදැකීමේ ජාත්‍යන්තර සමුළුවේ දී පැසසුමට ලක්වුණා.

ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පැවති මෙම සමුළුවට රටවල් 130ක නියෝජිතයින් එක්ව සිටියා.

ජීනිවා ජාත්‍යන්තර මානුෂවාදී බිම් බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය සහ එක්සත් ජාතීන්ගේ බිම් බෝම්බ ක්‍රියාකාරීත්වය පිළිබඳ අන්තර් සම්බන්ධීකරණ කණ්ඩායම එක්වයි සමුළුව සංවිධාන කර තිබුණේ.

ප්‍රධාන අතුරු සාකච්ඡා 4කින් සමන්විත මෙම සමුළුවේ දී එක් සාකච්ඡා සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබුණා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් හා ජාතික බිම් බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එස් සත්‍යානන්ද හා නියෝජ්‍ය අධ්‍යක්ෂ වී ප්‍රේමචන්ද්‍රන් යන මහත්වරුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුවට එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර තවත් වර්ග කිලෝ මීටර 23ක පමණක් බිම් බෝම්බ ඉවත් කිරීමට ඇති බව මෙහිදි අවධාරණය කෙරුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here