යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට – Saru News Media දේශීය පුවත්

0
22

සෙවනගල හන්දිය, ගිණිගල්පැලැස්ස ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (29) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, සෙවනගල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි හා 46 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

සෙවනගල හන්දිය දෙස සිට ගිණිගල්පැලැස්ස දෙසට ධාවනය වූ යතුරුපැදික ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව තිබිණි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here