සී අයි ඩී ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලසක් ගැනීමට තැත්කළ 04 දෙනෙකු අත්අඩංගුවට

0
17

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුයට ගෙන තිබෙනවා.

ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුවයි.

ඔහු විසින් බලාගන්නා නිවසක් පරීක්ෂා කර එහි තිබූ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් සහ ඩොලර් 3,500ක මුදලක් සැකකරුවන් රැගෙන ගොස් තිබෙනවා.

පසුව පැමිණ එම නිවසේ සේවයට සිටි ඉන්දීය ජාතිකයෙකුගේ විදෙස් ගමන් බලපත්‍රයද රැගෙන ගොස් තිබුණා.

පසුව විමර්ශනයට උපකාර කිරීමට හා විදෙස් ගමන් බලපත්‍රය නැවත ලබාදීමට සැකකරුවන් රුපියල් කෝටි 04ක අල්ලසක් ඉල්ලා ඇතැයි සඳහන්.

පසුව එම මුදල රුපියල් කෝටි තුන හමාරකට අඩුකර ඉන් රුපියල් කෝටියක් ලබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරට සැකකාරියක්ද අයත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here