රාජ්‍ය සේවකයින්ට නව චක්‍රලේඛයක් | Saru News Media

0
10

රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කොවිඩ් -19 වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන් සඳහායි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දිනට විදේශගතව සිට සේවයට පැමිණීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු ආකාරය පිළිබඳව මෙම චක්‍රලේඛයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.

ඊට අමතරව නිසි අවසරයකින් තොරව සේවයට වාර්තා නොකරන සියලුම රාජ්‍ය නිලධාරීන්ට ඉල්ලා අස්වීමේ නිවේදන නිකුත් කරන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here