රාවණාගම වැව් ජලයට මිශ්‍රව තිබූ ඉන්ධන ඉවත් කෙරේ – Saru News Media දේශීය පුවත්

0
10

මාතලේ ලග්ගල රාවණාගම වැව් ජලයට මිශ්‍රව තිබූ ඉන්ධන ඉවත් කිරීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කෙරුණා.

ලග්ගල ගුරුළුවෙල ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් රාවණාගම වැව් ජලයට ඉන්ධන මිශ්‍ර වී තිබුණා.

එම ඉන්ධන ඉවත් කිරීමට තාක්ෂණික හා ශිල්පීය සහයෝගීතාව ලබා දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්ධන විසිරීම් කළමනාකරණයට පුහුණුව ලත් විශේෂ කණ්ඩායමක් මේ සදහා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ.

පොලිසියේ හා ප්‍රදේශවාසීන්ගේ සහාය මත ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.

වැව් ජලයට මිශ්‍රව තිබූ ඉන්ධන ලීටර් 2000ක් පමණ මෙහිදී ඉවත්කර අදාළ මෙහෙයුම අවසන් කිරීමටයි පියවර ගැනුණේ.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here