කෙහෙළියගේ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව කල්යයි

0
10

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධකරණය අද තීන්දු කළා.

තමා ඉදිරි දිනවල විශ්‍රාම යාමට නියමිත බවත් මෙම නඩුවට අදාල නියෝගය සකස් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින්  සුදුසු තීරණයක් ගැනීම සඳහා එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන බවයි අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් එහිදී නියෝග කළේ.

ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ අදාළ පෙත්සම ලබන දාහතර වනදා කැඳවීමටද දින නියම වුණා.

මෙම පෙත්සමේ අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here