රැල්ලට ඇවිත් ගසාගෙන ගිය ගැජට්ස් – Saru News Media

0
18

“තාමත් මොකද මේ? දැන් ඔය ළමයි ගෙදර  යන්න” කියනවා වගේ කාලෙන් කාලෙට අපි පාවිච්චි කරන ගැජට් වෙනුවට අලුත් ගැජට් ඇවිත් දැන් පාවිච්චි කරන ඒවා නැති වෙයි කියන මට්ටමට අපි බය කරන රැළි එනවා. ඒත් ඒ විදිහට එන සමහර ඒවා රැළි ගහන තරම් උඩ යන්නේ නැහැ. මාස කිහිපයකින් බැලුවාම ආයේ මුල තැනම නතර වෙනවා. ඉතින් මේ විදිහට ලෝකේ ලොකු රැළි එක්ක ආපු, එත් උඩට ගියේ නැති ගැජට් 7ක් ගැන විස්තර අපි බලමු.

 

සැම්සන්ග් සමාගමේ ආපු නිෂ්පාදන වලින් අයහපත් පැත්තෙන් ලෝකෙම ජනප්‍රිය වුණු නිෂ්පාදනයක් තමයි සැම්සන්ග් ගැලක්සි නෝට් 7. හදිසියේ ගිනි ගන්නා අවදානමක් ආ නිසා සැම්සන්ග් ගැලක්සි නෝට් 7 ගුවන් යානා වල රැගෙන යාම පවා තහනම් කෙරුණා. සැම්සන්ග් සමාගම විකිණූ ෆෝන් නැවත බාරගත්තා. නැවත ඒ ෆෝන් නිකුත් කරන්න කටයුතු කළත් ඒත් දෙවනි වතාවෙත් ෆේල් වුණා. ඒ ගමන සැම්සන්ග් සමාගම ඒ නෝට් 7 වර්ගය අත හැරලා දැම්මා අසාර්ථක නිමැවුමක් විදිහට.

 

ඇමසන් ෆයර් කියන්නේ නෝට් සෙවන් වගේ එකක් නෙමෙයි. ඇමසන් කියන්නෙත් ඩේටා බිස්නස් එකේ ගූග්ල් වගේම ඉන්න කාණ්ඩයක්. ඉතින් ඇමසන් අයටත් ඕනි වුණා ෆෝන් එකක් හදන්න. ඒත් ගූග්ල් දායකත්වය අඩු ෆෝන් එකක් තමයි ඇමසන්ලට හදන්න ඕනි වුණේ. ඇමසන්ලාගේ ෆිල්ම් ස්ට්‍රීමින් සර්විස්, පොත් සර්විස්, ඔන්ලයින් ස්ටෝරේජ් සර්විස් ඒ හරහා වඩාත් ව්‍යාප්ත කරන්න තමයි එයාල හැදුවේ. ඒත් ඇමසන් ෆයර් ෆෝන් එක එච්චර සාර්ථක වුණේ නැහැ. ඒක මාස කිහිපයකින් නවත්වලා දාන්න ඇමසන් සමාගමට සිදු වුණා.

 

 

ද ඖයා කියන්නේ මයික්‍රොසොෆ්ට්, සෝනි, නින්ටෙන්ඩෝ වගේ ලොකු සමාගම් එකතු වෙලා සැලසුම් කරපු ගේමින් කන්සෝල් එකක්. ඒ හරහා මොබයිල් ෆෝන් එකෙන් ගහන ගේම් ඊට වඩා ලොකු ස්ක්‍රීන් එකක ගහන්න පහසුකම සලසන්න තමයි ලෑස්ති වුණේ. ඒත් ඒ වැඩේ තාක්ෂණික බාධාවන් නිසා ජයගන්න බැරි වුණා. ෆෝන් ගේම් වල තියෙන ඒ පරිසරය කෙලින්ම තිරයකට ගනිද්දි එන අවුල් ටික ගොඩදාගන්න ඖයාට අමාරු වුණා.

 

 

ගූග්ල් සමාගමේ සාර්ථක නෙක්සස් ෆෝන් දැන් නැහැ. ඒත් තිබුණ කාලේ නෙක්සස් කියන්නේ ෆෝන් ලෝකේ රජ බඩු වෙලා හිටියා. මේ නෙක්සස් කිව් (Nexus Q) කියන්නේ ගූග්ල් අයගෙම ෆෝන් නොවන වෙන වැඩක්. මේකෙන් අදහස් කළේ ස්ට්‍රීමින් සර්විස් එකක්. මේකේ හැඩය තරමක කොමඩු ගෙඩියක් වගේ. මේ හරහා අන්තර්ජාලයේ ප්ලේස්ටෝ වල තියෙන චිත්‍රපට, යූටියුබ් සහ වෙනත් ස්ට්‍රීමින් සේවාවන් වල අත්දැකීම ලබාගන්න පහසුකම තිබුණා. ඒත් ගූග්ල් ක්‍රෝම්කාස්ට් වගේ පොඩි බඩුවක් නෙමෙයි මේක. ඇපල් ටීවී වගේ පැත්තක තිබුණ මාකට් එක ඉලක්ක කළත් නෙක්සස් කිව් එකත් සාර්ථක වැඩක් වුණේ නැහැ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here