සල්ලි දීලා ගත්තට පාඩු නැති ස්මාට්ෆෝන් ඇප්ස් කීපයක්! – Saru News Media

0
8

දැන් ඔය ස්මාට්ෆෝන් වලින් අපි වැඩ කරනකොට හැමදේටම තියෙන්නේ ඇප්ස්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට හොයන්නේ නොමිලේ ගන්න තියෙන ඇප්ස් තමයි. ඇයි ඉතින් අපි ස්මාට්ෆෝන් එකත් සල්ලි දීලා ගත්තට පස්සේ ආයෙමත් ඇප්ස් වලටත් සල්ලි ගෙවන්න ඕනෙද? එහෙම තමයි අපි ගොඩක් දෙනෙක් හිතන්නේ. හැබැයි ඔතන අපි නොහිතන, නොදකින දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි සල්ලි ගෙවලා ගන්න ඕන ඇප් එකක සහ සල්ලි ගෙවන්න අවශ්‍ය නැති ඇප් එකක තියෙන වෙනස. ඒ කියන්නේ, සල්ලි ගෙවලා ගන්න ඇප් එකක තියෙන සුවිශේෂී ෆීචර්ස් සෑහෙන්න විශාල වෙන්න පුළුවන්. ඒ වගේම, තවත් සමහර ඇප්ස් වල සල්ලි ගෙවලා ගන්න සංස්කරණයේ කිසිම විදියකට ඇඩ්ස් වලින් කරදර විඳින්නේ නැතුව ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම, දෙවෙනි දේ වෙන්නේ අපිට ගොඩක් ඇප්ස් වලට විශාල මුදලක් ගෙවන්න අවශ්‍ය නොවීම. සමහර ඇප්ස් වලට රුපියල් හාරපන්සීයක් ගෙවලා ලයිෆ්ටයිම් උපරිම සේවාවක් ලබාගන්න පුළුවන් කම තියෙනවා.

 

ආන්න එහෙම බැලුවහම අපිට සල්ලි දීලා ගත්තට කිසිම පාඩුවක් නැති ඇප්ස් මොනවද කියලා දැනගෙන ඉන්න එක හරිම වටිනවා. ඒ නිසා අපි හිතුවා එහෙම ඇප්ස් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න.

 

ඉස්සර වගේ නෙවෙයි, දැන් වීඩියෝ එඩිටින් ඇප්ස් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒවායින් සෑහෙන්න ප්‍රමාණයක් නොමිලේ ලබාගන්නත් පුළුවන්. එහෙමනම් KineMaster එතනින් විශේෂ වෙන්නේ ඇයි? KineMaster සල්ලි දීලා ගන්න අවශ්‍ය වෙන්නේ ඇයි? සරලවම කිවුවොත්, KineMaster කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් වලට තියෙන ප්‍රබලම වීඩියෝ එඩිටින් ඇප් එකක්. මේ ඇප් එකෙන් වීඩියෝ සහ ඕඩියෝ කපන්න, පුරුද්දන්න, වීඩියෝ ඕඩියෝ ෆිල්ටර්ස් දාන්න, ටෙස්ක්ට් ඕවර් දාන්න, ස්ටිකර්ස් අනං මනං ඕනම දෙයක් ඇඩ් කරන්න වගේ වැඩ සෑහෙන්න තොගයක් කරන්න පුළුවන්. මේ ඔක්කොම ෆ්‍රී එඩිෂන් එකෙත් තියෙනවා. හැබැයි සල්ලි ගෙවුවොත් තව සෑහෙන්න ෆීචර්ස් ලැබෙනවා සහ KineMaster වෝටර්මාර්ක් එක නැතුව වීඩියෝස් නිර්මාණය කරන්න පුළුවන් කමත් ලැබෙනවා.

 

සාමාන්‍යයෙන් ස්මාට්ෆෝන් එකක් ගත්තහම ඒකේ කොහොමත් මියුසික් ප්ලේයර්ස් එකක් දෙකක් එනවනේ. ඒ ඇරෙන්න ඕන නම් තමන්ට කැමති වෙන මියුසික් ප්ලේයර් එකක් එහෙමත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කිසිම ගැටළුවක් නෑ. ඒවා කොලිටිද? ඔව්, අවුලක් නෑ. මියුසික් අහන්න පුළුවන්. හැබැයි කෙනෙක් Poweramp Music Player ඩවුන්ලෝඩ් කරලා, ඒකෙන් මියුසික් ඇහුවොත්, ආයෙ වෙන මියුසික් ප්ලේයර් ඇප් එකක් දිහා බලන්නෙ නෑ. ඒ තරම් කොලිටියට සංගීතය අහන්න පුළුවන් මේ ඇප් එකෙන්. ඒකේ කිසිම අතිශයෝක්තියක් නැහැ. Poweramp Music Player එක ලයිෆ්ටයිම් මිලදී ගන්නත් බොහොම පොඩි ගාණක් යන්නේ. හැබැයි ඒ ගාණට මේ ඇප් එක සෑහෙන්න වටිනවා. මේකේ බොහොම ප්‍රබල ඕඩියෝ එන්ජින් එකක් තියෙනව වගේම, 64bit ප්‍රොසෙසින් පවර් එකකුත් තියෙනවා. ඒ ඇරෙන්න මේකේ මීඩියා ලයිබ්‍රි සිස්ටම් එකත්, ඊක්වලයිසර් එකත් සෑහෙන්න ඇඩ්වාන්ස්.

 

දැන් කාලේ තමන් දන්න මව් භාෂාවට වඩා තව එක භාෂාවක් හරි දැනගෙන ඉන්න එක අතිශයින්ම වටිනවා. ඒ නිසාම තමයි විවිධ භාෂාවන් උගන්වන ඇප්ස් එහෙමත් සෑහෙන්න තියෙන්නේ. හරි, මේ  භාෂාවන් ඉගෙන ගන්න තියෙන ඇප්ස් ගොඩක් එව්වට ගෙවන්න ඕන නැහැ. ඒත් සමහරුන්ට ඒ ඇප්ස් වලින් ඇත්තටම භාෂාවක් ඉගෙන ගන්නත් බැරි වෙනවා. ආන්න එහෙම නම්, භාෂාවක් හරියට ඉගෙන ගන්න සීරියස් ප්‍රවේශයක් ලබාදෙන ඇප් එකකට ගෙව්වත් කමක් නෑ කියන තැනට අපි එනවා. අන්න එතනදී තමයි අපිට Fluent Forever ඇප් එක වැදගත් වෙන්නේ. Fluent Forever ඇප් එකේ යම් කිසි භාෂාවක් ඉගෙන ගන්න එක එක විදියේ වීඩියෝස් වගේම, වෙනස් වෙනස් ආකාරයේ ක්‍රියාකාරකම් තොගයක් හඳුන්වලා දීලා තියෙනවා.  ඇත්තටම භාෂා ඉගෙනගැනීමේදී ෆ්‍රී ඇප් වලින් හොයාගන්න බැරි විදියේ සපෝට් එකක් Fluent Forever එකෙන් ලබාදෙනවා කියන එක බොරුවක් නෙවෙයි.

 

මේ විශ්වයේ ඇත්තටම කොයි තරම් නම් දේවල් තියෙනවද? අපි ඒවා ඇත්තම ඇත්ත පරිමාණයෙන් අරගෙන හිතලා තියෙනවද? ආන්න ඒකට උත්තරේ තියෙනවා Universe in a Nutshell ඇප් එකේ. මේක පටන් ගන්නකොටම පොඩි ගාණක් ගෙවලා මිලදී ගන්න තියෙන ඇප් එකක්. හැබැයි ගත්තට පස්සේ මේ ඇප් එක අපිව හිතාගන්න බැරි තරමේ අපූර්ව ලෝකෙකට අරගෙන යනවා. පරමාණුවක් ඇත්තටම කොයි තරම් කුඩාද? ස්පුත්නික් වී රොකට්ටුව ඇත්තටම කොයි තරම් විශාලද? අපිට ආසන්නයේම තියෙන මන්දාකිණියක් ඇත්තටම කොයි තරම් විශාලද? මෙන්න මේ වගේ විශ්වයේ තියෙන අපිට හිතාගන්න පුළුවන් හැමදෙයක්ම වගේ කොයි තරම් ප්‍රමාණයකද කියන එක ගැන අදහසක් අපිට මේ ඇප් එක ඔස්සේ ලබාදෙනවා. පුංචිම බැක්ටීරියාවේ ඉඳලා දැවැන්තම කළු කුහරය දක්වා දේවල් ඉගෙන ගන්නත් මේ ඇප් එක මරු.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here