ඔබේ පරිගණකයට වෛරසයක් ඇතුළු වූ විට කරන්න ඕනෙ දේවල් – Saru News Media

0
9

අපිට එදිනෙදා ජීවිතයේදී අත්‍යවශ්‍ය වෙන ප්‍රධාන උපාංගයක් විදිහට පරිගණකය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් කාර්යාල ජීවිතයේදීත්, පුද්ගලික ජීවිතයේදීත් අපිට පරිගණකයෙන් තියෙන ප්‍රයෝජන ඉතා විශාලයි. ඉතාම සරල ලියුමක් හදාගන්න තැන සිට රටක් පාලනය කිරීම වෙනකන් විශාල පරාසයක විහිදුණු ප්‍රයෝජන අපිට පරිගණක වලින් ලැබෙනවා. ඒ වගේම පරිගණකයේ තියෙන දත්ත සහ තොරතුරු සමහරෙකුට ජීවිතය තරම්ම වැදගත්. එච්චර වටිනා දේවල් ගබඩා කරපු පරිගණකයකට වෛරසයක් ඇතුළු වෙලා ඒ දත්ත මකා දැමුවොත් හෝ දත්ත වලට හානි කළොත්, මොනවා වෙයිද කියල හිතාගන්නවත් බෑ නේද? ඔව් ඒක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. හැබැයි එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න උනොත් කලබල නොවී එයට මුහුණ දෙන්න සුදානම් වෙන්න අවශ්‍යයි. අපි අද කියල දෙන්නේ එහෙම අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන.

 

පරිගණකයට වෛරසයක් ඇතුළු වුණු වහාම අපිට බොහෝ විට පරිගණකයේ තියෙන ප්‍රති වෛරස මෘදුකාංගය විසින් දැනුවත් කිරීමක් කරනවා. නමුත් බොහෝ විට මේ වෛරස පරිගණක වලට ඇතුළත් වෙන්නේ අදාළ ප්‍රති වෛරස මෘදුකාංගය අක්‍රිය කරපු අවස්ථා වල. බොහෝ විට අපි පාවිච්චි කරන ක්‍රැක් කරන ලද සහ අනවසර මෘදුකාංග වලින් මේ වෛරස ඇතුළත් වීම සිදු වෙනවා. එහෙම නැත්නම් නොයෙක් මෘදුකාංග ඇක්ටිව් කරන්න අන්තර්ජාලයෙන් බාගත කරන නොයෙකුත් දේවල් වලින් මේ වෛරස ඉතාම පහසුවෙන් පරිගණක වලට ඇතුළු වෙනවා. ඉතින් එහෙම තත්ත්වයකදී හැකි ඉක්මනින් අන්තර්ජාල සම්බන්ධය සහ අනෙකුත් ජාල සම්බන්ධතා විසන්ධි කරන ඒක ගොඩක් වැදගත්. මොකද අන්තර්ජාලය හරහා තව දුරටත් හානිය වැඩි කරන දේවල් වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබේ පුද්ගලික දත්ත සොරා ගැනීම වගේ දේවල් අන්තර්ජාල සම්බන්ධතාවය හරහා තමයි වෙන්නේ. ඉන් පස්සේ පරිගණකය ක්‍රියාවිරහිත කරන්න. මොකද ඒකෙනුත් වෛරසය පැතිරීම අඩු කරගන්න සහ හානිය අඩු කරගන්න උදව්වක් වෙයි.

 

 

ඇතුළු වෙලා තියෙන වෛරසය මොකක්ද කියන එක හොයාගන්න එක තමයි ඊළඟ වැදගත් දේ. ඒකට හොඳ වෛරස් ගාර්ඩ් මෘදුකාංගයක් පාවිච්චි කරන්න. ඒකෙන් පරිගණකය ස්කෑන් කිරීමෙන් වෛරසය හඳුනාගන්න පුළුවන්. මොකද වෛරස් කියල අපි පොදුවේ කිව්වට වෛරස් වල ප්‍රභේද ගණනාවක් තියෙනවා. එක එක වෛරස ක්‍රියාත්මක වෙන්නේ එක එක විදිහට. සමහර ඒවා දත්ත සොරකම් කරනවා. සමහර වෛරස දත්ත මකා දමනවා. සමහර ඒවා දත්ත විකෘති කරනවා. ඒ නිසා වෛරසය ඉවත් කරනවා වගේම වැදගත් වෛරසය හඳුනා ගැනීම.

 

 

වෛරසය ඉවත් කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක තමයි ඊළඟ වැදගත් දේ. වෛරසය හඳුනා ගැනීමෙන් අපිට පුළුවන් ඒ වෛරසය මොන වගේ එකක් ද කියන එක අන්තර්ජාලය හරහා හොයල බලන්න. ඉවත් කරන්න පුළුවන් වෛරස වගේම ඉවත් කරන්න බැරි වෛරස ප්‍රභේදත් තියෙනවා. ඉවත් කළ හැකි වෛරසයක් නම් ඔබේ ප්‍රති වෛරස මෘදුකාංගය හරහා ඒ සියල්ල ඉවත් කරන්න කටයුතු කරන්න.  

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here