තව අවුරුදු 15ක් 20 ක් යනකොට තාක්ෂණය අපේ ජීවිත කොහොම වෙනස් කරලා තියේවිද? – Saru News Media

0
6

දැන් ඔය 90 දශකෙදී, 2000 මුල් කාලෙදී එහෙම අපි නිකමටවත් හිතුවද අද අපි පාවිච්චි කරන නවීන තාක්ෂණයන් තියේවි කියලා? නැහැනේ. උදාහරණ ඕන නං කියවලා බලන්න 80, 90 දශක වල අපි ටෙක්නොලොජි පාවිච්චි කරපු හැටි ගැන. අන්න ඒ වගේ තමයි ඉතින් අද දවසේ ඉඳලා අපි අනාගතේ දිහා බැලුවත් පේන්නේ. හැබැයි ඉස්සර ඉඳලා අද කාලේ දිහා බලනවට වඩා, අද කාලේ ඉඳලා අනාගත කාලේ දිහා බැලුවහම අපිට මාර පුදුමයක් නෑ. මොකද, සයිෆයි වලින් අනාගතේදී බොහෝ විට දකින්න ලැබෙන නව තාක්ෂණයන් ගැන අපි දැනුවත් වෙලා ඉන්න නිසා විතරක් නෙවෙයි. අනාගතේදී සුලභ තාක්ෂණයන් වෙන්න පුළුවන් ගොඩක් දේවල් සම්බන්ධයෙන් මූලික අත්හදාබැලීම් දැනටමත් සිද්ධ වෙමින් පවතින නිසා.

එහෙමනම් ඉතින් අපි පොඩ්ඩක් හිතලා බලමුද 2030, 2035, 2040 වගේ කාලයන් වෙනකොට නිකම් සරල එදිනෙදා වැඩ වලට පාවිච්චි වෙන්න පුළුවන් තාක්ෂණයන් කොහොම වෙයිද කියලා? ඒවෑයින් ඒ කාලේ ඉන්න අපේ ජීවිත කොහොම වෙනස් වෙයිද කියලා?

 

දැන් කාලේ කොච්චර තාක්ෂණේ දියුණු වුණත්, කුස්සියේ තියෙන බඩු ඉන්වෙන්ටරිය මතක තියාගන්න ඕන අපිම තමයි. උදාහරණයක් විදියට ඔන්න ෆ්‍රිජ් එකේ තියෙන බිත්තර ඉවර වෙනවා. ඉතින් ඕක මතක් වෙන්නේ ඊලඟ පාර ඔම්ලට් එකක් හදාගන්න කුස්සියට ගියහම තමයි. දැන් මොකදෑ කරන්නේ? හැබැයි අනාගතේදී එහෙම ප්‍රශ්න වෙන එකක් නෑ. ෆ්‍රිජ් එකේ බිත්තර අඩු වේගෙන යනකොට, ෆ්‍රිජ් එක කෙලින්ම බඩු ලිස්ට් එකක් යවයි ලඟම තියෙන කීල්ස් එකට. කීල්ස් එකෙන් බඩු ටික ගෙදරටම ගෙනැල්ලා දෙයි එදාම! එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. එක එක බඩු අඩුවෙන අඩුවෙන වෙලාවට ෆ්‍රිජ් එක ඒ එක අයිටම් එක අයිටම් එක ඕඩර් කරයිද? එතකොට වෙනම රස්සාවක් කරන්න වෙනවා ඩිලිවරි චාර්ජස් ගෙවන්න විතරක්! නෑ, ඒ කාලේ වෙනකොට එව්වටත් ගාණට සිස්ටම් හැදිලා තියෙයි!

 

දැන් කාලේ අපි කෘෂිකර්මය කියලා දකින්නේ මොකද්ද? ගොවිමහත්තයෙක් කුඹුරු හරි හේන් හරි අස්වද්දනවා නේ? හැබැයි අනාගතේදී ඔය කෘෂිකර්මය සහ පශුපාලනය කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න අඩිතාලම දැනටමත් වැටිලා කියලා තමයි අහන්න ලැබෙන්නේ. උදාහරණයක් විදියට කිවුවොත්, අනාගතේදී අපි දකින්නේ බිම් වගාවන් නෙවෙයි වෙන්න පුළුවන්. ඒ වෙනුවට කෙළින් අතට වවන විධියේ Vertical agriculture කියන එක ඒ වෙනකොට සාමාන්‍යකරණය වෙලා තියේවි. මෙතනදී එක වාසියක් තමයි බිම් ඉඩ ඉතුරු වීම. අද ලෝකේ බිම් ඉඩ සෑහෙන්න මදි වෙලා තියෙනවනේ. අන්න ඒ නිසා තමයි සිරස් අතට ඒ කියන්නේ කෙළින් අතට භෝග වගා කිරීම හොඳ විකල්පයක් වෙන්නේ. ඒ වගේම මූලික කටයුතු ඉෂ්ට කළාට පස්සේ, ගොවි මහත්තයා වෙනුවෙන් වගාවේ තත්ත්වය බලාකියාගෙන අවශ්‍ය ප්‍රමාණයට හිරුඑළිය, පොහොර, ජලය සපයන්න කෘත්‍රිම බුද්ධියක් එහෙමත් තියෙයි ඒ කාලෙදී.

ඒ වගේම මස් ගන්න සත්තු මරනවා වෙනුවට, ස්ටෙම් සෙල්ස් වලින් මස් “වවන” සිස්ටම් එකක් එහෙමත් අනාගතේදී එන්න පුළුවන්. 

 

දැන් කාලේ වෙනකොටත් ඩ්‍රෝන යානා විවිධ කටයුතු සඳහා යොදාගැනීම බොහොම තදින් සිද්ධ වෙනවනේ. ඒ කියන්නේ තවදුරටත් අද වෙනකොට ඩ්‍රෝන් යවන්නේ ආතල් එකට විතරක් නෙවෙයි. කෘෂිකර්මයට වගේම බෝඩර් පැට්‍රෝල් වගේ වැඩවලට, ආරක්ෂක වැඩවලට පවා ඩ්‍රෝන යානා යොදාගන්නවා. ඔය ෆිල්ම් වල එහෙම නම් මත්ද්‍රව්‍ය ජාවාරම වගේ දේවලටත් ඩ්‍රෝන යානා යොදාගන්නවා අපිට පේනවනේ.

හැබැයි අනාගතේදී ඇත්තටම අපිට බඩු ඩිලිවරි කරන අයියලා වෙනුවට බඩු ඩිලිවරි ඩ්‍රෝන්ස් එන්න බැරිද? එහෙම පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට ආයෙ ඊබේ එකෙන් බඩු අරගෙන තැපැල් අයියා හරි ඩිලිවරි මල්ලි හරි නෙවෙයි එන්නේ. කෙලින්ම ස්වයංක්‍රීයව ඩ්‍රෝන් එකෙන් ගෙදර දොරකඩටම බඩු ටික බාලා යන සීන් එකක් තමයි වෙන්නේ!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here